අපේ සිරුරෙ පිහිටා ඇති ඉතා වැදගත් චක්‍රරටා අවදිකිරීමක්

තයිචි කියන්නේ අපූරු කායික චලන රටාවක්. නායක ස්වාමීන් වහන්සේ හිරු උදාවත් සමග උන්වහන්සේගේ කුටිය ඉදිරියේ දී අපූරු ක්‍රියා කාරකමක යෙදෙන බව මම දු‍ටුවේ ආශ්‍රමයට පැමිනි දෙවන සතියේදීමයි. සටන් වලදී යොදාගන්නා චලනරටාවලට සමාන නමුත් ඉතා මන්දවේගයකින් උදා හිරු එලියට මුහුනලා කරන මේ ක්‍රියා වලිය තුල යෝගී චලනවලටත් බොහෝ සමාන කම් පෙනුනා.පසුව මම දැන ගත් පරිදි අපේ සිරුරෙ පිහිටා ඇති ඉතා වැදගත් චක්‍රරටා අවදිකිරීමක් සමගම පරිසරයේ ශක්තිය උරාගැනීමකුත් මේතුල සිදුවන බව මට ආශ්‍රමය භාරකාරතුමා පැහැදිලි කර දුන්නා.පහත දැක් වෙන්නේ පසුකාලීනව මට මේ පිලිබද පැහැදුලිකර දීමට යොදාගත් සටහනක්. විශ්වය අපතුලත් අප තුල විශ්වයත් පවතින බවට සරලව පැහැදිලි කිරීමක් මෙහි ඇතිබව ඔබටත් පැහැ දිලි වේවි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න