ආශ්‍රමය තුල නේවාසිකව තුන්වන වසර පසුවන විට ඔබ සම්පූර්නයෙන්ම නිදහස් පුද්ගලයෙක් වෙනවා. නයක ස්වාමීන් වහන්සේගේ අනුමැතිය යටතේ ඔබව ටිකෙන් ටික කදුමුදුනතට වන කුටියක් කරා යන්නට අවසර ලැබෙනවා. ඉන්පසුව අර මුලින් කියු කාලසටහන් අවසන් වනවා. මොකද ඒ වන විට පිටතින් එන මෙහෙයවීමක් අනවශ්‍ය බව අපටම වටහා ගන්නට පුලුවන් වනවා. විසදාගත නොහැකි ගැටලුවකදී හැරෙන්න නායක ස්වාමීන්වහන්සේ බැහැදැකීම අනිවාර්ය වන්නේ නැහැ. නමුත් භෞතිකව අපි ආශ්‍රමයේ නීති රටාවලින් මිදුනද අධ්‍යාත්මිකව නායක ස්වාමීන් වහන්සේගේ සියුම් ඇසුරක් නැතිනම් මගපෙවීමකට සම්බන්ද වෙනවා නොදැනීම. සමහර විට දියුනු කල අධ්‍යාත්මිකත්වයක් නැති කෙනෙකුට මෙම පැහැදිලි කීම විහිලුවක් සේ හැගෙන්නට පුලුවන්. නමුත් එය මට නම් අත්දැකීමෙන් අවබෝදකරගත් පැහැදිලි සත්‍යක්.
පළකළේ
PARIGANAKAYA
"Pariganakaya is a digital awareness program designed to empower individuals with the knowledge and skills they need to thrive in our increasingly digital world. We provide comprehensive, easy-to-understand workshops and resources on a variety of essential topics, including internet safety, social media literacy, digital citizenship, and practical skills for using a range of digital tools. Our goal is to bridge the digital divide and ensure everyone has the confidence and ability to navigate the digital landscape securely and effectively. Join us and take your digital skills to the next level." Slogan: Next Level Digital Platform PARIGANAKAYAගේ සියලු ලිපි පෙන්වන්න

