වරක් ආශ්‍රමයට වැඩමකලා ස්විඩන් ජාතික හිමි නමක්.මට මතක විදිහට උන්වහන්සේ අප සමග වසරකට ආසන්න කාලයක් රැදී සිටියා. අවස්තාවක් ලැබුනා මටත් උන්වහන්සේ සමග පුංචි පිලිසදරක යෙදෙන්න. මම අහුවා ඔබවහන්සේ ඇයි පැවිදි ජීවිතයකට පිවිසුනේ කියලා.තම විශාල ගොවිපලේදී වරක් ලැබූ අත්දැකීමක් ඊට මුල්වුබවත්පවසමින් මට ඒ සිද්දිය මේ විදිහට උන්වහන්සේ පැහැදිලි කලා.හොදින් හිරු පායා තිබු දවසක තම ගොවිපොල මැදින් ගලායන තරමක් විශාල දියපහර පසුකර අනිත්දෙසට යාමට සිත්වී දියපහර අසලට පැමිනි විටදී තද හිරු රශ්මියෙන් දිලිසෙන දියරල වලට අවධානය යොමුවූ බවත්, දිගුවේලාවකට පසුව පියවි සිත අවදිවන විටත් අනෙක් ඉවුරේ සිට අර දියරල දෙස අවදානයෙන් සිටිය බවක් දැනුනු බවත් මට පැහැදිලි කලා.ඉන් පසුව අර මතකයේ සටහන් නොවුනු කාලපරසය ගැන, එහෙම නැතිනම් තම සිත තමාතුලම සැගවගිය ආකාරය ගැන දිගින් දිගටම සොයායනවිට තද දුබුරු පැහැති සිවුර තුල ඇති අති රමනීය ජීවිත රටාව ගැන සිත් බැඳුනු බවත් මට පැහැදිලි කර දුන්නා.
පළකළේ
PARIGANAKAYA
"Pariganakaya is a digital awareness program designed to empower individuals with the knowledge and skills they need to thrive in our increasingly digital world. We provide comprehensive, easy-to-understand workshops and resources on a variety of essential topics, including internet safety, social media literacy, digital citizenship, and practical skills for using a range of digital tools. Our goal is to bridge the digital divide and ensure everyone has the confidence and ability to navigate the digital landscape securely and effectively. Join us and take your digital skills to the next level." Slogan: Next Level Digital Platform PARIGANAKAYAගේ සියලු ලිපි පෙන්වන්න

