සමහර විට සිතට ඇතිවෙන හැගීම් හරිම අතාර්කිකයි,හුදකලාව නැතිනම් යටිසිතේ පවතින අපිලිවලේ ප්‍රතිපලයක් වෙන්න ඇති කියලයි මම මුල් දවස්වල විශ්වාස කලේ. නමුත් ක්‍රමයෙන් මට වැටහෙන්න ගත්තා මේ හැගීම්මය ස්වභාවය තේරුම් ගන්නට වෙනස් විදිහකට කිව්වොත් කියවන්නට මම හුරු විය යුතුයි කියලා. අනතුරුව කෙටි කලකින්ම මට හැකිඋනා ඒ රටා වටහා ගන්නට පුහුනුවන්නට.මුලදීහරිම අපැහැදිලි හැගීමක් වගෙ උනාට ක්‍රමයෙන් පැහැදිලිව වැටහෙන්නට පටන්ගත්තා.
මුලින්ම දැනෙන්නේ සාමුහික සිතුවිලි රටා පමනයි.අද කුටියේම රැදෙන්නට උවමනායි වගේ සරල පනිවිඩ. බොහෝ වෙලාවට ඒ හැගීම් වල සත්‍යයක් තිබුනා.වරක් දරුනු වලසෙක් ආශ්‍රම භූමියට ඇතුලු වෙලා තිබුනා. තවත් දවසක දිවියෙක්.ක්‍රමයෙන් පෞද්ගලික පනිවිඩ දැනෙන්නට පටන් ගත්තා. භාවනාවේදී ඇතිවන අධෛර්යමත් වීම් වලදී ඒවාදෙසට තිබූ ආකල්පයන් වෙනස් කරගන්නට බොහෝ විට ඒවා උපකාරී උනා.ඇත්තේන්ම මම මේ සදහන් කලේ ඉතාම ප්‍රාතමික මට්ටමේ දේවල් පමනයි. ඉන් එහාට ලැබූ අත්දැකීම් ඔබ තුල සමහර විට හාස්‍යයක් නැතිනම් දරුනු මට්ටමක නොපිලිගැනීමක් ඇතිකරන්නට ඉඩ ඇති නිසා.

