අතිශය බහුතරයක් ධනය අතින් හෝ දැනුම අතින් සැලකියයුතු මට්ටමක අය වූවා

ආශ්‍රමයේදී මට හමුවු අය අතරින් අතිශය බහුතරයක් ධනය අතින් හෝ දැනුම අතින් සැලකියයුතු මට්ටමක අය වූවා. සමහර විට එයට ප්‍රදාන හේතුවක් වන්නට ඇත්තේ මෙතැනට ඒමට ඇති දුශ්කර ගමන විය හැකියි.අනිත් අතින් මෙහි සිටින අයගෙන් මාදු‍ටු ප්‍රදාන ගුනාංගය නම් ඔවුන්ගේ දැනුම හෝ ධනය ඔවුන්ව පිම්බීමකට ලක් කරනවා වෙනුවට ශික්ශනයකට ලක් කර ඇති බවයි. තමුන්ගේ පෞර්ශත්වය අනෙකා ආක්‍රමනය කිරිම නොව අනෙකාද තමා හා සමව සැලකීම තුලින් විහිදන්නට උත්සාහකරන බවක් හැම විටම දක්නට ලැබුනා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න