ආශ්‍රමය තුල සිදුවන සමහර සිදුවීම් වචනයෙන් විස්තර කිරීම ඉතා අපහසුය.කලාතුරකින් ඈත වනාන්තරයෙන් සිල් සුවදින් පිරුනු ඇත්තන් ආශ්‍රමයට සපැමිනෙයි. ආශ්‍රම භූමියේ ඉහල කෙලවරෙහි වම් පසට වන්නට ඉදහිටක හෝ පැමිනෙන ඇත්තන් සදහා වෙන් කර ඇත. තේරුම් ගත නොහැකිනම් වහා අමතක කර දමන්න යැයි ඉල්ලීමක් සමගින් මම ඉතිරිය සටහන් කරමි. මේ සිල් ඇත්තන් හමුවීමට කාටවත් තහනමක් නොමැත. නමුත් තරමක හෝ දියුනු නොකල මනසකට ඔවුන් හා සමීපවීම ඉතා අපහසුවක් ඇති කරයි. කරුනා කර පැහැදිලිව වටහා ගන්න, ඒ ඔවුන් ගෙන් සැර රශ්මිදාරා නිකුත් වන නිසාවත් ඔවුන්ගේ අද්භූත බලයන්ගෙන් අනිකුන්ගේ අතපය ගැටගසන නිසාවත් මුවවල් අගුල් ලන නිසා වත් නොවෙයි. මගේ වැටහීමේ හැටියට නැතිනම් මට වැටහෙන හැටියට ඔවුන් ඉදිරියේදී මගේ පව් ස්වභාවය මනාව මට හොදින් දැනෙන්නට පටන් ගන්නා නිසාය. වෙනත් විදිහලින් පැහැදිලි කලහොත් විශාල ධනවතෙක් ඉදිරියේ සිටින අන්තදිලින්දෙකුගේ හැගීමක් ඇති කරන නිසාය. කිලිටි පරිසරයකට හුරු මට ඉතා පිරිසිදු පරිසරයකදී දැනෙන අපහසුතාවය දැනෙන්නට ගන්නා නිසාය.කයලගෙන සිටින රෙදිකඩ හැරුන විට තවත් එක් රෙදි කඩක් පමනක් තිබෙන ජලය රැගෙන යාමට භාවිතා කරන ස්වාභාවික භාජනයක් හැරෙන්න කිසිත් හිමි නැති මේ සුවදවත් සිල් ඇත්තන්ගේ සැහැල්ලුව අපමනයැයි මම සිතමි.
පළකළේ
PARIGANAKAYA
"Pariganakaya is a digital awareness program designed to empower individuals with the knowledge and skills they need to thrive in our increasingly digital world. We provide comprehensive, easy-to-understand workshops and resources on a variety of essential topics, including internet safety, social media literacy, digital citizenship, and practical skills for using a range of digital tools. Our goal is to bridge the digital divide and ensure everyone has the confidence and ability to navigate the digital landscape securely and effectively. Join us and take your digital skills to the next level." Slogan: Next Level Digital Platform PARIGANAKAYAගේ සියලු ලිපි පෙන්වන්න

