මුලින්ම එය ඔබගේ ඊතැපැල් පෙට්ටියට ලැබුනු තවත් එක් ඊමේල් ලිපියකි

මුලින්ම  එය ඔබගේ ඊතැපැල් පෙට්ටියට ලැබුනු තවත් එක් ඊමේල් ලිපියකි. එය විවෘත කල විට ඔබව යොමුවන්නේ හිස් වෙබ් පි‍ටුවකටය.ඔබ සාමාන්‍යයෙන් නම් වෙබ් පි‍ටුව වසා දමා ඔබේ කටයුතු ඉදිරියට කරගෙන යනු ඇත. නමුත් ඒ වන විට ඔබේ  මෙහෙයුම් පද්දතියේ සංස්කරන කුමක්ද හා ඔබේ බ්‍රවුසරයේ සංස්කරනය පිලිබද දත්ත ඔවුන් ‍රැස්කරගෙන අවසානය. දැනට සොයා ගෙන ඇති දත්ත අනූව ඔවුන් උපදෙස් දෙන්නේ ඔබ භාවිතා කරමින් සිටින්නේ ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරාහි හයවන හෝ හත්වන සංස්කරනය නම් ඉහත කී  සයිබර් පහරදීම නිර්මානය කර ඇත්තේ ඔබවත් ගොදුරු කරගන්නට උත්සාහ කිරීම සදහාය. ඔබේ පරිගණකය වෙත "තවත් හානිකර මෘදුකාංග පිවිසීම සදහා පසුපස දොර විවර කරන්නකු" එවීම් ඔවුන්ගේ ප්‍රධාන ඉලක්කය වනු ඇත. ඔබ ආරක්ශාවීමට යම් උපදෙසක් බලාපොරොත්තු වෙන්නේ නම් කලයුතු වන්නේ හැකි හැම විටම ඔබේ ඊමේල් ලිපි "සරල විවෘත කිරීම්" වලින්ම කියවීමට උත්සාහ කිරීමය. අනෙක නම් ඊමේල් සදහා මෙහෙයුම් පද්දතිය  සතුව ඇති  ආරක්ශනය උපරිම මට්ටමක තැබීමය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න