ඔබ අන්තර්ජාලයේ සැරිසරන විට ඔබ ගැනම පෙර නිගමනයක ඉන්නවා වෙන්නට පුලුවන් ඔබ සුරක්ෂිතයි කියා

ඔබ අන්තර්ජාලයේ සැරිසරන විට ඔබ ගැනම පෙර නිගමනයක ඉන්නවා වෙන්නට පුලුවන් ඔබ සුරක්ෂිතයි කියා. මෙම  විස්වාසය ගොඩනගා ගැනීමට ඔබ උපයෝගී කරගන්නා සමහර මත වාද වැරදි බවයි විද්වතුන්ගේ මතය වී ඇත්තේ. පලමුකොටම පැවසිය යුත්තේ  වර්තමාන බොහෝ හානිකර මෘදුකාංග ඔබේ පරිගනකයේ තැන්පත්ව ඇතිබව ඔබ නොදන්නවා වන්නට පුලුවන් බවයි. මෙම හානිකර මෘදුකාංග නිපදවන්නන් මේ වනවිට සමත්වෙලා තියනවා පරිගනකයේ සාමාන්‍ය ක්‍රියාකාරීත්වයට කිසිසේත් නොදැනෙන ලෙසට තම ආක්‍රමනයන් කරන්නට. තවත් කරුනක් වන්නේ ඔබේ පරිගණකය ආසාදිත වන්නට ඔබ කිසියම් ගොනුවක් බාගත කිරීමක් අනිවාර්යම නැති බවයි. අදවන විට සමහර හානිකර මෘදුකාංග ඔබ භාවිතාකරන  වෙබ් පි‍ටුවකට දවටා එවනවා වෙන්නට පුලුවන්. අනතුරුව එය ඔබේ බ්‍රවුසරය හරහා පිවිසෙනවා විය හැකියි. තව මතයක් ව ඇත්තේ ඔබ කාමුක හෝ සූදුමය වෙබ් පි‍ටුවලට නොපිවිසෙන නිසා ඔබ අසාදිත නොවිය හැකි යැයි සිතීමයි. මූලිකව මෙය සංක්‍යාත්මකව ඇත්තක් වුවත් පසු ගිය අන්තර්ජාල ප්‍රහාර කිහිපයකම  වාහකයා වුයේ පිලිගත් මට්ටමේ වෙබ් අඩවි බව දැනටමත් ඔබ දන්නවා විය හැකියි. තවත් කරුනක් වන්නේ කිසියම් වෙබ් බ්‍රවුසරයක් අනෙක් ඒවාට වැඩියෙන් සුරක්ශිත බවට පවතින මතයයි. ජාවාස්ක්‍රිප්ට්  වැනි කිසිසේත්ම  මගහැරිය නොහැකි විවෘතවීම් පවතින ඔනැම වෙබ් බ්‍රවුසරයක් ප්‍රහාරවලටද විවෘත බවයි කියවෙන්නේ. අවසාන වශයෙන් සටහන්ව ඇත්තේ ඔබේ ප්‍රවීනතාවයම නිසා පමනක් ඔබ ආරක්ශිතය යන්න හොද පිලිගැනීමක් නොවන බවයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න