පරිගණක භාවිතය සමග ඔබට අනිවාර්යෙන්ම භාවිතයට ගන්නට සිදුවන දෙපැත්ත කැපෙන ආයුධයක් බදු උපකරනයක් ලෙස "අවසර පද " හදුන්වා දෙන්නට පුලුවන්. ඔබේ දත්තවල ආරක්ෂාව මෙන්ම සමහර විට ඔබ යොදා ඇති අවසර පද කෙරෙහි ඔබ තබන විස්වාසය නිසාම හානිකරන්නෙකුට පහසුවෙන් ඔබේ පරිගනකයට අනවසර පිවිසීමක් ලබාගන්නටත් මෙවා උපකාරී විය හැකියි.අවසර පද ලෙස සම්මත යෙදුම් යොදා ගැනීමේ හානිකර බව මෙලෙස පැහැදිලි කල හැකියි. එක තප්පරයක් තුල පරිගනකයට කලහැකි කාර්යන් සංක්‍යාව ගැන සලකන විට ඔබ යොදා ගෙන ඇති සම්මත වදනක් සොයාගනීමට පරිගනකට යන කාලය ගැන ඔබට අවබොධයක් ගත හැකි වෙනු ඇත. මේ ක්‍රමයට භාෂාවක ඇති වදන් පෙලක් තුලින් ඔබ යොදා ඇති වදන සොයා ගැනීමට යන කාලය ඔබ සිතන තරම් විශාල නොවන බව පැහැදිලි කරුනකි. සරලව පැවසන්නේ නම් ඔබේ යතුරු පුවරුවෙන් නිර්මානය කරගත හැකි සියලු සම්මත වදන් පරික්ෂාකර අදාල අවසර පදය සොයා ගැනීම අද වන විට පහරදෙන්නෙකුට භාවිතා කල හැකි ඉතා සරල ක්‍රමයක්ව ඇත.මෙසේ සලකන විට සාර්තක අවසර පද උත්සාහයක තිබිය යුත්තේ අතාර්කික පුවරු සංකේත එකමුතුවක් බව පැහැදිලි වෙනවා. මීට අමතරව ඔබට සිදුවිය හැකි වැරදීමක් ලෙස එකම අවසර පදය කිහිපතැනකම යෙදීම හදුන්වන්නට පුලුවන්. මෙම අලසකාරී හැසිරීම ඔබව එක අවුලකින් තවත් අවුලකට ගෙනයාම තවත් පහසු කරවනවා. තවත් කරුනක් වන්නේ අනාරක්ශිත තැන්වල ඔබගේ රහස් පදය තබන්නට පුරුදුවීමයි.
පළකළේ
PARIGANAKAYA
"Pariganakaya is a digital awareness program designed to empower individuals with the knowledge and skills they need to thrive in our increasingly digital world. We provide comprehensive, easy-to-understand workshops and resources on a variety of essential topics, including internet safety, social media literacy, digital citizenship, and practical skills for using a range of digital tools. Our goal is to bridge the digital divide and ensure everyone has the confidence and ability to navigate the digital landscape securely and effectively. Join us and take your digital skills to the next level." Slogan: Next Level Digital Platform PARIGANAKAYAගේ සියලු ලිපි පෙන්වන්න

