වින් 7 භාවිතාකිරීමේදී භාවිතා කරන්නෙකු ලෙසට ඔබට මෙම මෙහෙයුම් පද්දතියෙන් ලබාදී ඇති පධානම විමසීම් කවුලුව තමයි "ටාස්ක් බාර්" එකේ වම් පස ඇති සංකේත කිහිපය අතරින් කොඩියක සලකුනකින් ඇතුලුවීමට පහසුකම් සලසා ඇති "ඇක්ෂන් සෙන්ටර් " නොහොත් ක්‍රියා කාරී මූලස්තානය. ඔවුන් පවසනවා, ඔබේ පරිගණකයේ ක්‍රියාකාරීත්වයේ යම් ගැටලුකරීතත්වයක් පැන නැගී ඇත්නම් එය දැන හදුනා ගන්නට පහසුම තැන තමයිලු මෙතැන. පරිගනකය නිරෝගී නොවන යම් තත්වයකට පත්ව ඇතිනම් මෙම සංකේත්යේ යම් වෙනසකින් ඔබට දැනුම් දෙන බවයි කියවෙන්නේ. අනිත් අතින් පරිගනකයේ හැසිරීමතුල ඔබට යම් වෙනසක් දෙනෙනවානම් මුලින්ම විමසබැලිය යුතු කවුලුව තමලු මෙතැන. ඔබ මෙම කවුලුවෙන් ඇතුලුවෙන සැනින් හමුවෙන ප්‍රධාන කවුලු දෙක තමයි "සිකියුරිටි" හා "මේන්ටේන්ස්" ලෙස නම් කර ඇත්තේ. සිකියුරිටි කවුලුවෙන් ඔබට පුලුවන් වෙන බවයි පැවසෙන්නේ ඔබේ මෙහෙයුම් පද්දතිය මේ මොහොත වන විට පැවතිය යුතු නිවැරදි තත්වයේ පවතිනවාද කියා විමසා බලන්නට. හුදෙක් ඔබ මිලදීගත් මෙහෙයුම්පද්දතියම සදාතනිකවම ප්‍රමානවත් වෙන්නේ නැහැ ඔබේ දත්ත අනවසර අය අතට පත්නොවී හා අපහසුවකින් නැතිනම් සමහර විට කරදරකාරී ලෙස ඔබේ වෙලාව නාස්ති කිරීමකින් තොරව ඔබට සේවය කරන්නට. පැන නැගීඇති අලුත් තත්වයන්ට සාර්තකව මුහුන දෙන්නනම් කිසියම් ආකාරයකින් මෙහෙයුම් පද්දතිය පෝෂනය කල යුතුයි. ඔවුන් පවසනවා මෙහෙයුම්පද්දතියේ ආරක්ෂාව ඔබේ නිවසේ ජනේලයකට සවිකර ඇති ග්‍රිල් එකක් නොව ප්‍රදාන දොරටුව වාගේ කියලා. නිතරම ක්‍රියා කාරීවෙන හා එහි සවිශක්තිමත්බව ගැන නිරන්තර අවදියෙන් සිටියයුතු අංගයක් ලෙස සැලකිය යුතු බවයි කිය වෙන්නේ. යාවත්කාලීන නොකල මෙහෙයුම් පද්දතියක් කියන්නේ අසරන දුප්පත් අවාසනාවන්ත අයෙක් වගේ නිරන්තරයෙන් අනෙකාගේ කෙනෙහිලිකම් වලට පාත්‍ර වන තත්වයකට පත්වන බවයි කියවෙන්නේ. නිවැරදිව යාවත්කාලීන කිරීම වගේම ආරක්ශාව සදහා සකස් කර ඇති උපංග(ෆයර්වොල් වැනි) සංක්‍රිය තත්වයේ පවතිනවාද කියා විමසා බැලීම ඔබේ වගකීමක් බවයි පැවසෙන්නේ. දෙවන කවුලුවෙන් සැපයෙන සේවාව තමයි මුල් කවුලුවෙන් සපයා ඇති ස්වංසේවාවලට පාලනය කරගත් නොහැකි ගැටලු සදහා මයික්‍රොසොෆ්ට් ආයතනයේ සහය ලබා ගන්නට ඔබට උදවු කිරීම. අනික තමයි ඔබේ මෙහෙයුම් පද්දතියේ නිරෝගී මොහොතකදී ලබා ගත් පිටපතක් දරුනු ගනයේ නැතිනම් ප්‍රකෘති තත්වයට පත්වීමට බැරිතරමේ බිදවැටීමකදී ප්‍රයෝජනයට ගැනීම සදහා සකස් කර ගන්නට උදවු කිරීම.
පළකළේ
PARIGANAKAYA
"Pariganakaya is a digital awareness program designed to empower individuals with the knowledge and skills they need to thrive in our increasingly digital world. We provide comprehensive, easy-to-understand workshops and resources on a variety of essential topics, including internet safety, social media literacy, digital citizenship, and practical skills for using a range of digital tools. Our goal is to bridge the digital divide and ensure everyone has the confidence and ability to navigate the digital landscape securely and effectively. Join us and take your digital skills to the next level." Slogan: Next Level Digital Platform PARIGANAKAYAගේ සියලු ලිපි පෙන්වන්න

