ඔබ මිලදී ගන්නා අලුත්ම පරිගනකය සදහා අලුත් යෝජනා 10ක්

 

ඔබ මිලදී ගන්නා අලුත්ම පරිගනකය සදහා  අලුත් යෝජනා 10 ගැන විස්තර කරන ලිපියක මෙසේ කරුනු සටහන්කර තිබුනා. 1) බොහෝ විට ඔබ මිලදී ගන්නා පරිගනකයට එහි මව් ආයතනය විසින් තැන්පත්කර ඒවනු ලබන කරදරකාරී හෝ අනවශ්‍ය මෘදුකාංග විසින් ඔබගේ කාලය සොරා ගන්නවාට අකමැතිනම් හා සමාන්‍ය පිලිවලට මෙම මෘදුකාංග ඉවත්කිරීමේදී ඇතිවන අපහසුතාවයන්ට පිලියමක් ලෙස පහත දැක්වෙන මෘදුකාංගය යොදා ගත හැකි බවයි කිය වෙන්නේ.පහත දැක්වෙන වෙබ් අඩවියට පිවිස වැඩිදුර තොරතුරු හදාරා බලා  ගැලපෙන්නේ නම් භවිතා කර න මෙන් ඔවුන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.

http://www.pcdecrapifier.com/download

අලුත් පරිගනකය සමග ඔබට ලැබෙන  අත්හදා බැලීමේ කාලයක් සහිත  ආරක්ශිත මෘදුකාංගයක් වෙනුවට පහත දැක්වෙන නොමිලේ භාවිතා කල හැකි මෘදුකාංගයක් ගැන සැලකිලිමත්වන ලෙසයි යෝජනා කරන්නේ. පසුව අවැසිනම් පමනක් මෙම මෘදුකාංගවල වැඩිදියුනු කල සංස්කරනයන් මිලදී ගැනීමේ  පහසුකමද ඇති බවක් සටහන් වෙනවා. එක් උදාහරනයක් පහත දක්වා තිබෙනවා.

http://free.avg.com/us-en/download-avg-anti-virus-free

මොසිල්ලා ෆයර් ෆොක්ස් වෙබ් පිරික්සනය ගැන සටන් කොට ඇත්තේ සමස්තයක් හැටියට බලන විට අනිකුත්  සියලු පිරික්සනයන්ට වඩා වේගය හා ආරක්ශාව අතින් මුල්තැනක පවතින බව සටහන් කරමිනුයි. පහත ලිපිනයෙන් එම වෙබ් අඩවියට පිවිස මෙම මෘදුකාංගය ලබා ගත හැකියි.

http://www.mozilla.com/en-US/firefox/?from=getfirefox

භාවිතා කරමින් සිටින අතර හදිස්සියේම පරිගනකය වෙගය අඩුවීමක් හෝ සුපුරුදු පැවැත්මේ වෙනසක් ගැන හැගේ නම් භාවිතාවට සුදුසු, ඔබේ අවසරයකින් තොරව පරිගනකයට රිංගා ගෙන සිටින හානිකර මෘදුකාංග කොටස් ඉවත්කරන්නට සමත් මෘදුකාංග මය උපකරනයක් පහත ලිපිනයෙන් ලබා ගත හැකි බවයි ලියවී තිබුනේ.

http://malwarebytes.org/

මීලගට සටහන් වන්නේ ආදුනිකයෙකුට වඩා පලපුරුදු අයෙකුට ගැලපෙන
ඉහත ආකාරයේම මෘදුකාංගයක් වූවත් ඔබේ ආක්‍රමනයන් ගැන තවත් අය සමග කරුනු බෙදා ගනිමින් වඩාත් තොරතුරු ලබා ගැනීමට පහසුකම් සලසන  මෘදුකාංගයක් ගැනයි. පහත ලිපිනයෙන් වැඩිදුර තොරතුරු විමසාබලන්නට ඔබට හැකිවනු ඇති බවයි කිය වෙන්නේ.

http://free.antivirus.com/hijackthis/

ප්‍රතිචාරයක් ලබාදෙන්න