පරිගණකයක් නැවත පනගැන්වීමේදී………

පරිගණකයක් නැවත පනගැන්වීමේදී තප්පර පහලොවක අනිවාර්ය විරාමයක් ලබාදියයුතු බවට භාවිතා කරන්නන් අතර ඇති මතය ගැන මතයක් සටහන් කරන විද්වතෙකු පවසන්නේ තප්පර පහලොවක පරතරය හොද පුරුද්දක්මුත් අනිවාර්ය තාක්ෂනික උවමනාවක් නොවන බවයි.වැඩිදුරටත්  සටහන් කර ඇත්තේ තප්පර පහක  පරතරය සෑහෙන බවයි.
ඩිජිටල් මාධ්‍යක රදවන දත්තයන් ඇනලොග් මාධ්‍යයක රදවන ලද  දත්වයන්ට වඩා සුරක්ශිතයැයි හගවන මතය නිවැරදි නොවන බවටත් මතයක් පලවෙනවා.
කුඩා කාල පරතරයක් සදහා ඔබ පරිගනකයෙන් ඉවත්වයන විට පරිගණකය නිදිගැන්වීම ප්‍රායෝගිකව සුදුසුතම පියවර නමුත් දිනය අවසානය වැනි මොහොතකදී පරිගනකය සම්පූර්නයෙන් ක්‍රියා විරහිත කොට දැමීම ඉතා වැදගත් බවයි කියවෙන්නේ. 

පරිගණකයක් නැවත පනගැන්වීමේදී………” මත එක් සිතිවිල්ලක්

ප්‍රතිචාරයක් ලබාදෙන්න