දැස් නිලංකාර කරවන තරමට නෙක වර්නයෙන් දිදුලන විදුලි බුබුලු මෙහි නැත. කරුනාකර මෙහි උත්සසවයක් ඇති බව පිලිගන්නයැයි බලකෙරෙන විසිතුරු කොඩිවැල් එල්ලා නොමැත.ඝන මීදුම් පටල විනිවිද යමින් ඈත කදුනිම් වලලු තෙක් ඇදෙන පිරිත් හඩනම් දිවා රාත්‍රි වෙනසක් නොමැතිව ආශ්‍රමයෙන් විහිදෙයි. කදුපාමුල ගම්වැසියන්ට ප්‍රධාන කරගත් සියලු ජීවීන් වෙත නව වසරට ආසිරිපතමින් වසරකට වරක් නොකඩවා දින හතක් තිස්සේ පවත්වන සරලමුත් අපූරු වාර්ශික දහම් කටයුත්ත සුපුරුදු ලෙස මෙවරද ඇරබී ඇත. ගම් වැසියන් නව වසර වෙනුවෙන් ධාන්‍ය ආදී නෙක දේ පහල පිහිටි ආශ්‍රමයේ ගබඩාව වෙත රැගෙන එයි. සියලු දොරවල් විවෘතකොට ඇති නිසා අඩු වැඩිය ගම් වාසීන්ටම තේරුම් ගත හැක. යම් හේතුවක් නිසා මේ වසරේ අසාර්තකවූ ගම් මහතෙකුට මෙතැනින් තමන්ගේ පැවැත්ම සදහා ධන ධාණ්‍ය රැගෙන යාමට තහනමක්ද නැත. ඔබට පිලිගත නොහැකියයි කීමට අවසි නැත.එය මම පිලිගනිමි. නමුත් මෙහි ඒ සියල්ල ඇත්තෙන්ම සිදුවෙයි. අතිනවීන තාක්ෂනය විසින් තම වටපිටාව සුරපුරක් කර ඇතැයි විස්වාසකැරන බොහෝ සමාජවල ඇත්තන්ට තව සියවස් දෙක තුනකදීවත් ලගා විය නොහැකි තරමේ අපූරු සජීවී යහපත් සමාජයක් මම සියසින්ම දැක ගනිමින් සිටිමි. මෝස්තරයක් හෝ කැපී පෙනීමේ ආභරනයක්ලෙස භාවිතා නොවන දහම කාලාන්තරයක් තිස්සේ ගම්මුන් හික්මවා ඇති අයුරු එලසය.
පළකළේ
PARIGANAKAYA
"Pariganakaya is a digital awareness program designed to empower individuals with the knowledge and skills they need to thrive in our increasingly digital world. We provide comprehensive, easy-to-understand workshops and resources on a variety of essential topics, including internet safety, social media literacy, digital citizenship, and practical skills for using a range of digital tools. Our goal is to bridge the digital divide and ensure everyone has the confidence and ability to navigate the digital landscape securely and effectively. Join us and take your digital skills to the next level." Slogan: Next Level Digital Platform PARIGANAKAYAගේ සියලු ලිපි පෙන්වන්න

