අදුරට ඉඩදෙමින් අහසකුසින් මැකී යන හිරුමඩලේ අවසාන කෙදි දහරද….

අදුරට ඉඩදෙමින් අහසකුසින් මැකී යන හිරුමඩලේ අවසාන කෙදි දහරද තව මොහොතකින් ඈත කදුමුදුනතින් අතුරුදහන් වනු ඇත. ගස්වැල් සතුන් සියල්ලෝම අදුරතුල හුදාකලා වෙමින් යයි.අවසාන මොහොතේ තම කැදලි සොයා පියාබායන්නෙකු ඉදහිටක දකිනවා හැරෙන්නට සියල්ල ගල්ගැසී අදුරතුල දියවී යන්නාක් වැනියැයි සිතුවිල්ලක් සිත තුල ඇදේ. ඇල්බෙයා කැමූ වැනි අපූරු මිනිසුන්ගේ සුන්දර වචන කැටතිවල සිත පටලා ගෙන ජීවිතය සෙයූ යුගය නැවත මතකයට ගොඩවෙයි.ඒසුන්දර නාට්‍ය දෙබස් අතර සැගවගත් ජිවිත නිර්වචන සොයමින් වෙරළ තීරයේ ඔහේ ඇවිද ගිය අතීතය අනවසරයෙන්ම සිත පිවිසෙයි.එහි හඩනගා කියවෙන වචන අතර සැගවසිටි නොකියවෙන නැතිනම් නොකියවෙන්නට උත්සහ කල දේ මොනතරම් විසිතුරුදැයි අදටත් එදා වාගේම සිත තුල මහත් පහන්වූ සතුටක් මවයි.තාරුන්‍යයේ විසිතුරුම මතක ගොන්න ආදරනීය ඇය සිත ගැබුරේ කොහේදෝ සිට විදුලියක් සේ මතකය වසා ගනී.  දයාබර සොයුරිය, ආදරනීය පෙම්වතිය, නිමා නොවන කැපවීම් කල කරුනාබර මව, මේ සියලු අපූර්ව චරිතවල පහස මට තිලින කල ඇය අද??????????

ප්‍රතිචාරයක් ලබාදෙන්න