මනස ආකෘතියකි. හොදයි, ඔබ සිරකරුවෙකු බවකීමට උවමනා නැතැයි මම සිතමි. ලොව බොහෝ දහම් නැතිනම් පහදාදීම් ඇති මුත් බුදු දහම අනෙකුත් බොහෝ දහම් මෙන් තවත් ආකෘතියක් වෙත ආරාධනා නොකරයි(නමුත් සියලු ආගම් ගෞරවනීය බව කරුනා කර අමතක නොකරන්න). ආකෘතියේ සබදතා එකින් එක වියෝජනය කර දමන්නට අපට ආරාධනා කරයි. සමහර විටක කිසියම් තාක්ෂනයක් විසින් එකවරම ඉහතකී ක්‍රියාව ඔබේ මනසට කරන්නට සමත් උන හොත් දරාගත නොහැකි ඔබේ මනස පුපුරා යනු ඇතැයි මම අනුමාන කරමි.සැත්කම් පිහියත් ඔබේම මනසේ කොටසක් කරගෙන ඉතිරි කොටස එයින් විශ්ලේෂනය කිරීම මොනතරම් අනතුරුදායක මෙන්ම තීරනාත්මක කාර්යක්දැයි මම පැහැදිලි කරන්නට උවමනා නැති බව මම සිතමි.ආශ්‍රම භූමියේ කදුමුදුනතටම මම පැමින ඇත්තෙමි.කදුමුදුනතටම පැමිනි විට බොහෝ ඈත පෙනෙයි. තනිවම බොහෝ දේ තේරුම් ගන්නට උවමනා කාලය පරිසරය අපට ලබා දෙයි. ටිබට් ජාතික මහත්මයෙකු අසබඩම කුටියක වෙසෙන අතර ආශ්‍රමයේ ඉතිරි සමාජයෙන් අප බොහෝ සෙයින් වෙන් වෙයි.ගැබුරු මනස මත ඔබ නොබ ඇවිදිමින් "මම" දකින්නට උත්සාහ කරන්නට කාලය එලබ ඇති සේය. බටහිර අහස් පාමුලින් මැකී යන රත්පැහැ හිරු කිරනවල වෙනදා මානුදුටු අපූරත්වයන් සටහන්ව ඇතිවා සේ මට සිතේ.
පළකළේ
PARIGANAKAYA
"Pariganakaya is a digital awareness program designed to empower individuals with the knowledge and skills they need to thrive in our increasingly digital world. We provide comprehensive, easy-to-understand workshops and resources on a variety of essential topics, including internet safety, social media literacy, digital citizenship, and practical skills for using a range of digital tools. Our goal is to bridge the digital divide and ensure everyone has the confidence and ability to navigate the digital landscape securely and effectively. Join us and take your digital skills to the next level." Slogan: Next Level Digital Platform PARIGANAKAYAගේ සියලු ලිපි පෙන්වන්න

