ප්‍රතිභාව යනු සාමාන්‍ය තත්වය ඉක්මවා මනස සුසරවීමද? සමහර විට ඔහුට නැතිනම් ඇයට පවා නැවතත් තම ජීවිතකාලයතුලදී කවරදාකවත් ඇතුලු විය නොහැකි මානසික අවකාශයකට ඇතුලුවීමද? ආශ්‍රම භූමියේ බටහිර බෑවුම පහලට වන්නට පැතිර ඇති තන බිම් කරා ගවයන් රැගෙන එන ගම්වාසීන අතර සිටින අයෙකු සමහර දිනවල තම වස්දඬුව හඩවන නාදය මගේ කුටියෙහි බටහිර දෙසටවන්නට පිහිටි කවුලුවෙන් හොදින් ඇසෙන්නට පටන් ගනී. සීමිත ස්වර සමූහයක් අපූරුවට සංයෝජනය කරමින් ඔහු මනස පතුලටම ආමන්ත්‍රනය කරන්නාක්සේ දැනේ. බොහෝ විට ගබඩා භාරකරු හරහා ඔහු නිහඩකිරීමට ඉල්ලීමක් කල හැකිවනු ඇත. නමුත් තව අතකින් බලන විට මිහිරි හඩ නගන අපමනක්වූ සියතුන් ඔහුට නිහඩ කරන්නට නොහැකි වනු ඇත. කන්කලුව හඩ නගන සියතොන් හා වස්දඩු හඩ අතර පරතරය තේරුම් ගත නොහැකි තරම් නම් කලබල වන්නට තරම් කාරනාවක් මට නම් නොපෙනේ.
පළකළේ
PARIGANAKAYA
"Pariganakaya is a digital awareness program designed to empower individuals with the knowledge and skills they need to thrive in our increasingly digital world. We provide comprehensive, easy-to-understand workshops and resources on a variety of essential topics, including internet safety, social media literacy, digital citizenship, and practical skills for using a range of digital tools. Our goal is to bridge the digital divide and ensure everyone has the confidence and ability to navigate the digital landscape securely and effectively. Join us and take your digital skills to the next level." Slogan: Next Level Digital Platform PARIGANAKAYAගේ සියලු ලිපි පෙන්වන්න

