මගේ ජීවිතේ උදා වුනු අපූරුතම සැන්දෑවලින් එකක් කියලා අද සැන්දෑව ගැන මට සිතෙනව. භාරකාර තුමාගේ අවසර අරගෙන, ආශ්‍රමය පිටුපස කදුමුදුනට යන්න පුලුවන්වුනා. එක පේලියට පිහිටපු කදුමුදුනත් ඔස්සේ වැටී ඇති මාවත දිගේ බොහෝ දුරක් ඇවිදගෙන යන්න අවස්තාව ලැබුනුනා. පසුගිය දවස් වල ඇදහැලුනු වර්ෂාවත් එක්ක ගහකොල විතරක් නෙවේ සතුන් පවා ප්‍රබෝධමත් වෙලා කියලා දැනෙනවා.අපේ ආශ්‍රමය පිහිටලා තියෙන්නේ කදුමුදුනතේ නැගෙන හිර දෙසට වෙන්න. බටහිර බැවුම කෙරවල පහල නිම්නයෙන් විශාල ගංගාවක් ගලා බසිනවා. තුරු මුදුන් අතරින් රිංගා ගිය තද හිරුකෙදි අර ගංගාවේ රළවල වැදිලා පරාවර්තනවන දර්ශනය හරිම අපූරුයි. සමහර විට ඔබ කියවලා ඇති ප්‍රසිද්ද මනෝවර්ධනය ගැන ලියපු ලේඛකයෙක් සටහන් කරලා තිබුනා ගුවන් තොටුපලකදී අහබුලෙස තමන් දෙසට එල්ලවු රටාවක් සහිත ආලෝක දාරාවක් ඔහුගේ මනස ගැබුරු ලෙස නාභිගත කරපු හැටි ගැන. සමහර විට ඒ අත්දැන්කීම වඩාත් චමත්කාර ලෙස ඔබට මැතැනදී විදගන්නට හැකිවේවි කියලා මම හිතනවා. ටිකක් හුරුපුරුදු කල මනසකට පරිසරයේ මැවෙන සුන්දර අවස්තාවලින් විශාල සතුටක් වගේම ශක්තියක් උරාගන්නට පුලුවන් කියලා කිවයුතුමයි.සමහර විට ඔසුවක් වගේ ඔබේ සිත සුවපත් කරන්නටත් උදවුවේවි. අදුරත් සමගම ආපසු ආශ්‍රමයට ආවේ හරිම සතුටකින්.මේ සටහන කරනකොට මට හොදින්ම පසක් වුනු කාරනාවක් තමයි, වරක් අපේ විශ්වවිද්‍යාලයට ආරාධිත දේශනයකට පැමිනි ප්‍රසිද්ධ ලේකඛයෙක් කරපු සදහනක්. “අත්දැකීම් සටහන් කරන්න හරිම ලේසියි. අවබොදයන් සටහන් කරන්න හරිම අමාරුයි
පළකළේ
PARIGANAKAYA
"Pariganakaya is a digital awareness program designed to empower individuals with the knowledge and skills they need to thrive in our increasingly digital world. We provide comprehensive, easy-to-understand workshops and resources on a variety of essential topics, including internet safety, social media literacy, digital citizenship, and practical skills for using a range of digital tools. Our goal is to bridge the digital divide and ensure everyone has the confidence and ability to navigate the digital landscape securely and effectively. Join us and take your digital skills to the next level." Slogan: Next Level Digital Platform PARIGANAKAYAගේ සියලු ලිපි පෙන්වන්න

