තවත් දරුනු හානියක් ඇතිකරවන ගනයේ හානිකර මෘදුකාංගයක් ගැන පුවතක් පලවෙනවා……..

අද රුසියාවෙන් තවත් දරුනු හානියක් ඇතිකරවන ගනයේ හානිකර මෘදුකාංගයක් ගැන පුවතක් පලවෙනවා. ආසාදිත කාමවෙබ් අඩවි වලින් ක්ශනික පනිවිඬ සේවා පහසුකම් ලබන්නන් ඉලක්ක කරගෙන පැතිරෙන මෙම හානිකර මෘදු කාංගය ආසාදිත පරිගණකයේ  "යු එස් බී" සබදතා පවා අවහිර කරන්නට සමත් බවයි වාර්තාවෙන්නේ. පරිගණකයේ  වැදගත් මට්ටමේ  ෆයිල් අවහිර කරවන මෙම වෛරසය අන්තර්ජාල සේවාව පවා අවහිර කරවන අතර අමෙරිකන් ඩොලර් 12 කට සමාන මුදලක්  කිසියම් ගිනුමකට බැරකර අවසර පදය ලබා ගෙන තම පරිගණකය යතා තත්වයට පත්කරගන්නා ලෙස දැනුම් දෙන බවයි සටහන් වෙන්නේ. කෙසේ වෙතත් මේ වන විට මෙම ප්‍රහාරයට ගොදුරු වූවන්ගේ සංක්‍යාව 2500 අධික බවයි කියවෙන්නේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න