අන්තර්ජාලය තුල භාෂා බාදකය ඉක්මවන ඔබට කෙලින් හමුවන්නේ ලෝකයයි………

අන්තර්ජාලය තුල භාෂා බාදකය ඉක්මවන ඔබට කෙලින් හමුවන්නේ ලෝකයයි. කරුනා කර අමතක නොකරන්න, ඔබේ සංස්කෘතිය ආගම හෝ වෙනයම් ප්‍රාදේශීය සීමා ඉක්මවා ගිය පුලුල් ලෝකයටයි. ඔබ කැමතිවූවත් නොවුනත් එතැනදී ඔබ ලෝක පුරවැසියෙකු බවට පත්වී හමාරය.එතැනදී ඔබ ලෝකය වෙත විවර කර ඇති ගනුදෙනු කවුලුවේ ගති ස්වභාවයන් ඔබ එකග නොවුනද ප්‍රමිති කරනයකට ලක්වනු ඇත. මේතැනදී දියුනු නගරයකට කඩා වදුනු වල් සතෙකුසේ අසත්‍ය අනන්‍යතා නිර්මානය කිරීමේ සිට අහිතකර මෘදුකාංග අන්තර්ජාලය වෙත මුදා හරින්නෙකු දවා වන කුමන නොදියුනු චරිතයක් ඔබ නියෝජනය කරමින් සිටින්නෙකුදැයි ස්වංවිවේචනයකට පැමිනෙන්නට ඔබටම හැකිවනු ඇත. මැතකාලයේ ලෝකයේ බිහිවුනු අපූරුතම එකගතාවයට ඔබ දායකවී ඇත්තේ මොන ආකාරයටද යන්නෙහි ප්‍රතිඵලය ඔබේ පෞද්ගලික පරිගණකයට සීමා නොවන බව ඔබ අවබෝධ කරගත යුත්තේ මේ නිසය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න