ප්ලැෂ් ප්ලේයර් මෘදුකාංගය තුල හදුනා ගෙන ඇති අලුත්ම දරුනු මට්ටමේ දුර්වලතාවය…..

ඇඩොබේ ආයතනය නිකුත්කල අලුත්ම නිවේදනයකට අනූව ප්ලැෂ් ප්ලේයර් මෘදුකාංගය තුල හදුනා ගෙන ඇති අලුත්ම දරුනු මට්ටමේ දුර්වලතාවයන් භාවිතා කරමින්, මයික්‍රොසොෆ්ට් වර්ඩ් සමග දවටන ලද ප්ලැෂ් ෆයිලයකට වින්ඩෝස් තලයේ පරිගනකයක් සියතට ගැනීමේ අවස්ථාව පහර දෙන්නෙකුට පහසුවෙන්ම හිමි වන බවයි. මෙම අනතුර බොහෝ විට ඊ මේලයක දවටා තම ඉලක්කය වෙත ලගා වෙන්නට ඉඩ ඇති බවයි වැඩිදුරටත් සටහන් වන්නේ. කෙසේ වෙතත් ඇඩොබේ රීඩර් එක්ස් සංස්කරනය මෙම තත්වයට ඔරොත්තුදීමේ හැකියාවෙන් ඉහල බවයි කියවෙන්නේ. ඔවුන් අවසානයේ පවසා සිටියේ තම මීලග යාවත්කාලීනය මෙම මස 14 වන දින නිකුත්කිරීමට නිය මිත බවයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න