වින්ඩෝස් එක්ස් පී ගැන තවමත් විචාරකයින් පවසන්නේ මිහිපිට බිහිවූ සාර්තකම මෙහෙයුම් පද්දතිය බවයි


වින්ඩෝස් එක්ස් පී ගැන තවමත් විචාරකයින් පවසන්නේ මිහිපිට බිහිවූ සාර්තකම මෙහෙයුම් පද්දතිය බවයි. මයික්‍රසොෆ්ට් ආයතනය විස්ටා වලින් බලා පොරොත්තු වූයේ එක්ස්පී පරදවා දමන්නට වුවද එයට ලංවෙන්නට වත් විස්ටා මෙහෙයුම් පද්දතිය අසමත් වූ බව රහසක් නොවිනි. කෙසේ නමුත් ආයතනයක් ලෙස තම පැරනි නිශ්පාදනයක තම පාරිභෝගිකයන් එල්ලී සිටීම නොරිස්සු මයික්‍රොසොෆ්ට් ආයතනය වින් 7 වෙළද පොලට සම්ප්‍රාප්තියත් සමග එක්ස්පී වෙත ආයතනය දැක්වූ සහයෝගය ක්‍රමයෙන් අඩුකරන්නටත් අලුතින් හදුන්වා දෙන සේවාවන් වින් 7 වලට සීමා කරමින් එක්ස්පී භාවිතා කරන්නන් අධෛරයට පත් කරන්නටත් ගත් උත්සාහයන් සර්ථක වෙමින් පවතින බවට සළකුනු මේ වන විට පහවෙමින් ඇති බවට කරුනු පල වෙනවා.මේ බව තහවුරු වන්නේ ප්‍රතම වතාවට එක්ස්පී හා වින් 7 අතර වෙළද පොලෙහි වූ තරගයෙන් වින් 7 ඉදිරියට පැමිනීම මේ වන විට වාර්ථා වෙන්නට පටන් ගෙන ඇති බවට කරුනු පලවීම සමගිනුයි . කෙසේ වෙතත් තවත් කරුනු පලවීමකට අනූව වේගයෙන් දියුනුවන වටපිටවක් තුල එක්ස්පී හී නව නිශ්පාදනයන් හා ගැලපීමේ හැකියාවේ සීමාව ඉක්මවා බොහෝ කලක් ගත වී ඇතැත් සමහරුන් මෙම පැරනි මෙහෙයුම් පද්දතියත් සමග පැල පැදියම් වීම සමස්ත දියුනුවට ගැටලුවක් වී තිබූ බවයි. එක්සත් ජනපදය තුල මෙම ඉක්මවා යාම වාර්ථා වුවද තවමත් ලෝකයේ වැඩිම භාවිත මෙහෙයුම් පද්ධතිය වින් එක්ස් පී බවයි වාර්ථා වන්නේ. අලවි වාර්ථා වලට අනූව පසුගිය ජනවාරී මාසය වන විට වින් 7 බලපත්‍ර මිලියන 300 අලවියක් වාර්ථා ඇතිබවක් වර්තා වී තිබුනා.

වින්ඩෝස් එක්ස් පී ගැන තවමත් විචාරකයින් පවසන්නේ මිහිපිට බිහිවූ සාර්තකම මෙහෙයුම් පද්දතිය බවයි” මත එක් සිතිවිල්ලක්

ප්‍රතිචාරයක් ලබාදෙන්න