
සයිබර් අපරාධකරුවන්ගෙන් ඔබේ පරිගනකයට සිදුවිය හැකි අපමනක් වූ පහරදීම් වලින් සුරක්ෂිතවීමට ඔබට ගත හැකි පියවරවල් අතර පලමුතැන හිමිවන්නේ ඔබේ කල්පනාකාරී සයිබර් හැසිරීමය. සමහරවිට හොදින් දැන ගෙන පවා ඔබ සයිබර් පහරදීම් වලට නිරාවරනය වන්නේ කාමුක වෙබ් අඩවි හෝ අනවසර මෘදුකාංග හෝ අඩංගු වෙබ් අඩවිවලට පිවිසීමෙනි. කෙසේ නමුත් ඔබේ කල්පනාකාරී බව පමනක්ම ඔබේ ආරක්ශිත බව සුරකින්නේ නැත. සාර්තක ආරක්ශක මෘදුකාංගයක් පරිගනකයතුල පිහිටවා ගැනීම තුලින් සැහෙන දුරකට ඔබේ සුරක්ශිත බව තහවරු කර ගත හැකිවනු ඇත. නොර්ටන් ආරක්ශිත මෘදුකාංගයේ 2012 සංස්කරනයේ බීටා නිමැවුම අන්තර්ජාල හා සාමාන්‍ය සංස්කරන ලෙස දැන් ඔබට පහත ලිපින ඔස්සේ පිවිස ලබා ගත හැකිවනු ඇත.
Norton Internet Security 2012 Beta
Norton Antivirus 2012 Beta

