
ෆේස්බුක් මත පලවෙන සැකසහිත වෙබ් අඩවි සබදතා ගැන භාවිතා කරන්නන්හට අනතුරු හැගවීමේ ක්‍රමවේදයක් මේවන විටත් අත්හදා බැලීමේ මට්ටමෙන් සීමිත භාවිතාකරන්නන් පිරිසක් අතර ක්‍රියාත්මක බව පලවෙනවා. සැම විනාඩි 30 කටවරක් යාවත්කාලීන වන මෙම දත්ත ගබඩාව සමන්විත වනු ඇත්තේ භාවිතා කරන්නන්ම එම වෙබ් අඩවි ගැන ලබාදෙන තොරතුරු මත වන අතර භාවිතා කරන්නෙකු මෙම වෙබ් අඩවියක් වෙත පිවිසෙන්නට තැත්කිරීමේදී අනතුරු හැගවීමේ පනිවිඩයක් ඔහුවෙත ලබාදීමට මෙම ක්‍රමවේදය සකස්කර ඇති බවයි වැඩිදුරටත් සදහන් වූවේ. ලබන සතිය වන විට මෙම පහසුකම සියලු භාවිතාකරන්නන් සදහා විවෘතවන බවයි කියවෙන්නේ.

