
සයිබර් අපරාධයන් සයිබර් ලෝකයේ බිහිවන සියලු අපූරු දැ මත්තෙන් අදුරු වලාවක් සේ පාවී යනු ඇත. අවදිව සිටීමෙන් ඔබට එය මග හරින්නට හැකිවනු ඇත. කෙසේ මුත් සයිබර් අපරාධ වලින් තොර තොරතුරු අවකාශය සදාතනික සාහිත්‍යමය සංකල්පනාවක් පමනක්ම වනු ඇත. ලොව ප්‍රකට, සයිබර් මතවාද ගැන කතාබස් කරන “නාදුනන සයිබර් පුරවැසියෙක් ” නම් බ්ලොගයේ , සයිබර් අපරාධ කරුවන් ගැන සහිත්‍යමය සටහනක සටහන්ව තිබිනි.
පලවන පුවත් හදාරන්නෙකුට ඉහත සටහන සාහිත්‍යමය සටහනක් පමනක්ම නොවන බව දිනෙන් දිනම තහවුරු වන පුවත් දැක ගත හැකිවනු ඇත.පුද්ගල පරිගනකයේ සිට ස්මාට් තාක්ශනික දුරකතන දෙසට අපරාධ කරුවන්ගේ අවදානය වේගයෙන් යොමු වෙමින් පවතින වබට බොහෝ තොරතුරු පලවෙමින් ඇත. සිමෙන්ටික් ආයතනයේ ප්‍රකාශකයෙකු පසුගියදා කියා සිටියේ කෙටි පනිවිඩ වැනි ක්‍රමවේදයන් ඔස්සේ සයිබැර් අපරාධ කරුවන් තම ඉලක්ක ගැනීම වේගයෙන් වර්ධනය වෙමින් පවතින බවයි. මොබයිල් මෙහෙයුම් පද්දති ඉදිරි ඉලක්කයන් බවට ලොව ප්‍රබලතම නිෂ්පාදන ගැන කරන අනාවැකි වලින් තහවුරු වෙමින් පවතින මොහොතක මෙම සිදුවීම් හදා රන්නෙකුට හැගෙන්නේ සයිබර් අපරාධ කරුවන් මුලින්ම එහි ගොස් සිටිනා බවකි.
ඔබේ අධි තාක්ශනික දුරකතනයට ලැබෙන කෙටි පනිවිඩයකින් කියවෙනු ඇත්තේ නොමිලේ ලබා ගත හැකි නාදරටවකට සබදතාවයක් පහත දැන්වෙන බවකි. සබදතාවය අවදි කරන්නාට ලැබෙනුයේ ට්‍රොජන් වර්ගයේ හානිකර මෘදුකාංගයක් පමනී. තවත් විටකදී මෙම හානිකර මෘදුකාගය ඔබේ අධි තාක්ශනික දුරකතනය “බොට්නෙට්” වර්ගයේ දුරකතන ජාලයක සාමාජිකයෙකු බවට පත්කරගනු ඇත. ආයතනිකව තොරතුරු හුවමාරුව සදහා මෙම අධි තාක්ශනික දුරකතජාලාවක් භාවිතා කරන මොහොතකදී තත්වය වඩාත් දරුනු වන්නට ඉඩ ඇත.(ඉදිරියට……..)

