Cybersecurity පිලිබඳ මිත්‍යා මත.

හදාරන්නන් පවසන්නේ ඔබගේ සයිබර් ආරක්ෂාව පිලිබඳව පැවතිය හැකි සුලබ විස්වාස 5ක් තමන් නිරන්තරයෙන් දකින බවයි. මෙවායේ වන මිත්‍යා බව ඔවුන් නොදැකීම ඔස්සේ මහත් අනතුරු වලට මුහුන පාන්නට විය හැකි බවට ඔවු න් පෙන්වා දෙන්නට කැමැත්තක් දක්වනවා. මින් පලමු වැන්න වන්නේ සයිබර් අනතුරු තමන්ට සිදු නොවන බවට වන විස්වාශයයි. ඔවුන් සිතන්නේ මේවා අනුන් සදහා වලංගු වුවද තමන් සදහා ව්ලංගු නොවනු ඇති බවකි. ඔබ ඉලක්ක විය හැක්කේ චේතනාන්විතවම ඉලක්ක කර ගනිමින්ම නොව ස්වංක්‍රීය ආකාරයට ඔබව දැනටමත් තේරී ඇති බවක් පිලිබඳව හදාරන්නන් අනතුරු අගවනවා. දෙවන කාරනාවක් ලෙසට ඔවුන් දක්වන්නේ ඔබ සයිබර් අනතුරු සදහා කුඩා වැඩි බවක් පිලිබන්දව විස්වාසයන්ය. මෙයද පදනම් විරහිත කාරනාවක් වන්නේ සයිබර් අනතුරු සදහා ඔබව තේරෙන්නට පදනම් වන කාරනා ඔබගේ දැනට වන ප්‍රමිතීන් වලින් ඔබ්බට විය හැකි බවකි. හදාරන් නන් පැහැදිලි කරන්නේ කුඩා හා මධ්‍ය පරිමානයේ ව්‍යාපාර සයිබර් අනතුරු සදහා ලක්වීම වේගයෙන් ඉහල යමින් පවතින්නක් බවයි.
තවත් සයිබර් අනතුරු ඔබට නොවීමට ඔබතුල වන විස්වාසයට පදනම් වන්නක් නම් ඔබ ඉලක්කයක් වන්නට තරම් වටිනාකම් සහිත නැති බවට වන විස්වාසය විය හැක. එය එසේ නොවන බවට හදාරන්නන් අවධාරනය කරන්නේ දෛනිකව ලොව පුරා විශාල සංක්‍යාවක් අනතුරු වලට ඉලක්ක වන්නේ කුඩා ව්‍යාපාර හා පුද්ගල භාවිතාවන් බවට පෙන්වා දෙමිනි. තවත් කාරනා දෙකක් ලෙසට cloud වැනි ආරක්ශිත අවකාශයක් භාවිතා කරන පමනින් ඔබගේ සයිබර් සුරක්ෂිත බව ගැන අවධානය අඩුකිරීම ඔව්න් පෙන්වා දෙනවා. මේ සියළු අවකාශ වලදීද තවමත් සයිබර් අනතුරු සදහා වලංගු බවක් වන බවට විස්වාස කිරීමේ වගකීම ඔබ දැරිය යුතු බවට මෙන්ම ඔබ රක්ෂන ආවරනයක් ‍රැගෙන තිබීම වැන්නක් ඔස්සේ නැවත හානිපූර්ණය කල නොකැකි බොහෝ වටිනාකම් සයිබර් අනතුරු ඔස්සේ අහිමිවීමේ අනතුරු අමතක නොකල යුතු බවටත් ඔවුන් පෙන්වා දෙනවා.
Pubudu Siriwansa

ප්‍රතිචාරයක් ලබාදෙන්න