US වල TikTok සහන කලය දීර්ඝ වනු ඇත.

නවතම වාර්ථා පවසන්නේ TikTok සදහා US වල පැනවූ තහනමට බ්‍රම්ප් පලනය ලබා දූන් දින 75 ක සහන කාලය නැවතත් දින 75 කින් දීර්ඝ කරන්නට සූදානම් වන බවකි. Trump මහතා US වල 47 වන ජනාධිපති වරයා ලෙසට January 20 පත්වන විට අදාල තහනම ක්‍රියාත්මකවී පැය 14ක් පමනක් ගතවී තිබූ අතර එම මහතා වහාම අදාල තානම දින 75 කින් කල් දමන්නට කටයුතු කරන ලදී. මෙම සහනය ලබා දෙමින් ඔහු පවසා සිටියේ Tik Tok වලට තම මව් ආයතනය වන ByteDance වලින් US Base ආයතනයක් වෙතට අයිතිය හුවමාරු කරන්නට සිදුවනු ඇති බවකි. ඇමරිකානු තොරතුරු තාක්ෂණ කිහිපයක්ම මේ පිලිබඳව උනන්දුවක් දක්වන්නට කටයුතු කරනු පෙනුනු නමුත් තවමත් අවසන් ගනු දෙනුවක් සිදු නොවී ඇති අතර Trump පාලනය ඉදිරි කාලය තුලදී එවන් තීරනයකට ඔවුන් පිවිසෙනු ඇති බවට බලාපොරොත්තු පලකරන බවයි වාර්ථා කරන්නේ. එලබෙන April 5 එම පලමු සහන කාලය ඉකුත් වන්නට නියමිත අතර එදිනට පෙර දින මෙම දිගුව නැවත තහවුරු කරන්නට කටයුතු සිදුවනු ඇති බවට බලාපොරොත්තු වනවා. මෙම වර්ථමාන ජනාධිපතිවරයා තම පලමු ධූරකාලයේදී TikTok තහනමකට සූදානම්ව සිටියද දෙවන ධූරකාලය සදහා තරගවදින කාලයේදී Meta වෙතින් සිදුවූ ban වීමේදී Tik Tok වෙතින් ලත් සහය මෙම තීරනවලට එක් හේතුවක් විය හැකි බවටයි පැහැදිලි කෙරෙන්නේ.
Pubudu Siriwansa

ප්‍රතිචාරයක් ලබාදෙන්න