ඔබගේ මාංශපේශී හැකියාව ස්වංක්‍රීයකරන ක්‍රමයෙන් පැරණි වචනයක් වෙමින් ඇත.එනම් රොබෝ තාක්ෂණයේ වූ සිත වශීකරවන අරුමයන් මේ වන විට ක්‍රමයෙන් සාමාන්‍ය කරනය වී ඇත. දැන් පැමිනෙන්නේ ඔබේ තීර්න ගැනීමේ හැකියාව ස්වංක්‍රීයකරණයේ කාලයයි. එනම් AI යුගයය. බොහෝ හදාරන්නන් බලාපොරොත්තුවූ පරිදි මහත් අවධානයක් ලැබෙනු ඇති බවට උපකල්පනය කල Coding හැකියාව වැනි බොහෝ අනාගත මිනිස් මැදිහත් වීම් පිලිබඳව වටිනාකම් මහත් සේ අවතක්සේරු කර දමන්නට එය සමත්ව ඇත. Microsoft පවසන්නේ තම මීලග මෙහෙයුම් පද්ධතිය AI මූලික වීම අනිවාර්ය බවකි. බොහෝ ප්‍රකට Online සේවාවන් දැනටමත් AI මූලික වෙමින් වඩාත් කාර්යක්ශම සේවාවක් සදහා සූදානම්ව සිටී. මේ නිසාම විය යුතූය හදාරන්නන් පවසන්නේ “ඔබගේ දැනුම වපසරිය අපිරිමිත කර සාක්කුවක ලාගෙන යන්නට හැකිවූ කාලය තව දුරටත් පරිණාමය වෙමින් එම දැනුම මත තීර්න ගන්නට සමත් බවත් මේ වන විට ඔබගේ නියුරෝන පද්ධතියෙන් සිලිකන් පද්ධතියකට ඌනනය වීම ඇරබී ඇත.
Pubudu Siriwansa http://www.pariganakaya.lk

