දෛනික තොරතුරු තාක්ෂණ භාවිතාවන් මතට AI හැකියාව සංයුත්ත වීම ගෙවෙන යුගයේ ප්‍රමුක ලක්ෂණය වෙමින් තිබේ. සෙවුම් යන්ත්‍ර වෙතට AI සංයුත්ත වීම කැපීපෙනෙමින් ඇති අතර Google ද පවසන්නේ තම Google Search වෙතට AI Mode සමග භාවිතාකරන්නන් හට සුව පහසු හා වඩාත් සාර්ථක සෙවුමක් සහිතක කරන්නට තමන් සූදානම් බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ තම බ්‍රවුසරයට සංයුත්ත වන බටනයක් ඔස්සේ සංක්‍රිය කර ගත හැකි AI Mode හැකියාව සාම්ප්‍රධායික සෙවුමක වූ දෘඩ බව ඉක්මවමින් භාවිතාකරන්නන් හට නම්‍ය සහයකට සූදානම් අතර එය මේ වන විට ක්‍රමයෙන් මුදා හරිමින් සිටින බවයි. Google වල නවතම Gemini 2.5 ටූලය මත ඉදිවන මෙම හැකියාව සමග භාවිතා කරන්නෙකුට පෙර සිදුවූ බහු සෙවුමක සිට සරල එක උත්සාහයක වන බහු ආකාර තේරුම් ගනිමින් තොරතුරු ලබා දෙන්නට සූදානම් අතර text, voice සහ pictures.වැනි ඔනෑම ආකාරයකට සහය දක්වන්නට සූදානම් බවට පැහැදිලි කෙරෙමින් තිබෙනවා.
Pubudu Siriwansa http://www.pariganakaya.lk

