StarLink වෙළඳනාමය යටතේ අප නව තාක්ෂණික පිවිසුමක් වෙතට පිවිසෙමින් සිටිමු. එය අපට හුරු පුලුදු පෘතුවියට සමාන්තර රහැන් හෝ තරංග ආකාරයේ සියළුම දත්ත සබඳතා වලට පොදුවූ බාදක රාශියකට මනා විසඳුමක් ව තිබේ. එසේම එම තාක්ෂණයන්ට ආවේනික දුර්වලතාද එය රැගෙන එන බවට බලාපොරොත්තුවීම සාධාරණය. මෙම පිවිසීම සමග සාම්ප්‍රධායික ව සිටි සේවා සපයන්නන් හට අභියෝගයක් වීමද අනිවාර්යය. සබඳතාවකය් ඇති වීමට වන වේලාව, ලබාදෙන දත්ත සීමාවන්, දත්ත වේගයන් වැනි බොහෝ සාධක වලදී මෙම නව සබඳතායන් ඉදිරියෙන් සිටින්නට කටයුතු කරනු ඇත. ඔවුන්ගේ ජාත්‍යන්තර ව්‍යාපාරික ශක්තිය මෙන්ම තාක්ෂණික ශක්තිය ඉදිරියේ මේවා සරල කාරනාය. සමස්තයක් ලෙසට සැලකීමේදී රටක් තුල භූමිය මත පිහිටවන ටවරය පද්ධතිය මත යැපෙන ද්ත්ත සෙවා පද්ධතියක් සමග සැසදීමේදී අහසමත පිහිටවන චන්ද්‍රිකා පද්ධතියක් මත යැපෙන දත්ත සැපයුමක් වඩාත් නිදහස් එකක් වනු ඇති බවට අපට කල හැකි අනුමානයන් නම් ඉහල වනු ඇති බවට බලාපොරොත්තුවිය හැක.
http://www.pariganakaya.lk
Pubudu Siriwansa

