අධික ආරක්ශිත මෘදුකාංග භාවිතය

සමහර පරිගණකවල තම ආරක්ශාව සදහා එකවර මෘදුකාංග හතරක් හෝ පහක් ධාවනය වන්නට සකස්කර ඇති ආකාරය ඔබත් සමහර විට දැක ඇතුවා වන්නට පුලුවන්. භාවිතය සදහා ඇති සම්මත ආකාරය ගැන පවසන්නේ නම් එකවර ආරක්ෂිත මෘදුකාංග දෙකක් හොදටම සැහෙන බවයි. එනම් හානිකර මෘදුකාංග වලකන වැඩසටහනක් හා අනවසර පිවිසීම් හා පිටවීම් වලින් පරිගණකය ආරක්ෂා කරන ෆයර් වෝල් ආකරයේ මෘදුකාංගය ලෙසයි. සමහර විට මෙම කාරනා දෙකම එකවර ඉ‍ටුකරන ආරක්ශිත මෘදුකාංග … දිගටම අධික ආරක්ශිත මෘදුකාංග භාවිතය කියවන්න

බ්‍රිතාන්‍යය රාජකීය විවාහ උත්සවය යු ටියුබ් හි සජීවී දහරා භාවිතයෙන්

යු ටියුබ් හි සජීවී දහරා භාවිතයෙන් මෙමස 29 දිනට නියමිත මීලග බ්‍රිතාන්‍යය රාජකීය විවාහ උත්සවය ලොවපුරා විසුරවා හරින්නට කටයුතු සූදානම් බවට තොරතුරු පලවෙනවා. යු ටියුබ් සජීවී දහරා සේවාව සජීවී අත්දැකීමක් ලොව පුරා පතුරවන්නට ඇති හැකියාව ඉතා සරල තත්වයකට පත්කොට ඇති බවයි කියවෙන්නේ. දිගටම බ්‍රිතාන්‍යය රාජකීය විවාහ උත්සවය යු ටියුබ් හි සජීවී දහරා භාවිතයෙන් කියවන්න

අවස්ට් ආරක්ශිත මෘදුකාංගයට වැරදීමක්…….

ආවස්ට් ආරක්ශිත මෘදුකාංගයේ යාවත්කාලීනයක් ලෙස මෙමස 11 දින 110411-1 යටතේ නිකුත්කල යාවත්කාලීනයේ ගැටලු සහිත බවක් ගැන තොරතුරු හෙලි වෙනවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස නිරෝගීතත්වයේ වෙබ් අඩවි රාශියක්ම ආසාදිත ලෙස නම් කරන්නට පටන් ගත් බවත්, විනාඩි 45 තුල මෙම ගැටලුව හදුනාගත් ආවස්ට් ආයතනය වහා ප්‍රති යාවත්කාලීනයක් නිකුත් කල බවත් කියවෙනවා. දිගටම අවස්ට් ආරක්ශිත මෘදුකාංගයට වැරදීමක්……. කියවන්න

වින් 8 ගැන තවත් තොරතුරු හෙලිවේ……

රිබන් ආකාරයේ භාවිත මුහුනතක් සහිත පී.ඩි.එෆ් කියවනයක් සමග එන ටාස්ක් මැනේජර් නොහොත් ඉලක්ක කලමානාකරුගේ හැකියාවන් වඩාත් දියුනු කල මීලග මයික්‍රොසොෆ්ට් මෙහෙයුම් පද්දතිය ගැන තොරතුරු පිටතට පැමිනීම වැඩිවී ඇති බවට පුවතක් පලවෙනවා. මෙම වසරේ ඔක්තෝබර් මස තුලදී බීටා එලිදැක්වීමක් ගැනත් තවත් පුවතක් පලවෙනවා. කෙසේ වෙතත් 2012 අවසානය වනවිට අවසන් සංස්කරනය භාවිතයට පැමිනීම ගැන බලාපොරොත්තු තැබිය හැකි බවයි කියවෙන්නේ. දිගටම වින් 8 ගැන තවත් තොරතුරු හෙලිවේ…… කියවන්න

ඔබේ දෘඩාගතැටියේ දත්ත ගහනයය දෘෂ්‍ය ලෙස වාර්ථා කරන්නට

ඔබේ දෘඩාගතැටියේ දත්ත ගහනයය දෘෂ්‍ය ලෙස වාර්ථා කරන්නට සමත් හා ඒ ඇසුරින් සංශෝදනයටත් ඉඩ ලබා දෙන කුඩා හා පරිගනකයේ ස්ථාපනය නොකර භාවිතා කරන්නට හැකි මෘදුකාංගයක් පහත ලිපිනයෙන් ඔබටත් බාගත හැකියි. http://www.uderzo.it/main_products/space_sniffer/ දිගටම ඔබේ දෘඩාගතැටියේ දත්ත ගහනයය දෘෂ්‍ය ලෙස වාර්ථා කරන්නට කියවන්න

ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 9 සාමාන්‍ය යාවත්කාලීනයක් ලෙස

මයික්‍රොසොෆ්ට් ආයතනයේ නිවේදනයකින් කියවෙන්නේ තම නවතම බ්‍රවුසර් සංස්කරනය මෙම 18 වෙනිදා සිට තම සාමාන්‍ය යාවත්කාලීනයක් ලෙස ලබා දෙන්නට බල පොරොත්තු වන බවයි. කෙසේ වෙතත් එකගවීමේ මෘදු ලේඛනය ප්‍රතික්ශේප කිරීමතුලින් මෙය භාවිතයට අකමැති අයෙකුට මගහැරීමට හැකිවන බවයි වැඩිදුරටත් සටහන්වන්නේ. ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරාහි ජපන් සංස්කරනය එරටට සිදුවූ ස්වභාවික වියසනය සමග කල්දැමුනු අතර එය මෙමස 25 දින අන්තර්ජාලය තුලට මුදා හරින්නට බලාපොරොත්තු වන බවත් කියවෙනවා. නවතම සංස්කරනය වින් 7 … දිගටම ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 9 සාමාන්‍ය යාවත්කාලීනයක් ලෙස කියවන්න

නොර්ටන් ආරක්ශිත මෘදුකාංගයේ 2012 සංස්කරනයේ බීටා නිමැවුම

සයිබර් අපරාධකරුවන්ගෙන් ඔබේ පරිගනකයට සිදුවිය හැකි අපමනක් වූ පහරදීම් වලින් සුරක්ෂිතවීමට ඔබට ගත හැකි පියවරවල් අතර පලමුතැන හිමිවන්නේ ඔබේ කල්පනාකාරී සයිබර් හැසිරීමය. සමහරවිට හොදින් දැන ගෙන පවා ඔබ සයිබර් පහරදීම් වලට නිරාවරනය වන්නේ කාමුක වෙබ් අඩවි හෝ අනවසර මෘදුකාංග හෝ අඩංගු වෙබ් අඩවිවලට පිවිසීමෙනි. කෙසේ නමුත් ඔබේ කල්පනාකාරී බව පමනක්ම ඔබේ ආරක්ශිත බව සුරකින්නේ නැත. සාර්තක ආරක්ශක මෘදුකාංගයක් පරිගනකයතුල පිහිටවා ගැනීම තුලින් සැහෙන දුරකට ඔබේ … දිගටම නොර්ටන් ආරක්ශිත මෘදුකාංගයේ 2012 සංස්කරනයේ බීටා නිමැවුම කියවන්න

බොට්නෙට් හොරා සහ එක්සත්ජනපද පොලිස්

දල වශයෙන් පසුගිය වසර දහය තුල මිලියන දෙකකට වඩා පරිගණක වෙත ඔවුන් අනවසර පිවිසීම් කරන්නට ඇතැයි අනුමාන කර ඇත. ඔබේ යතුරු හැසිරීම් රටා වල සිට තැන්පත්කර ඇති සියලුම දත්තයන් නිරීක්ශනය කරන්නත් උවමනා දේ පහසුවෙන් සොරා ගන්නටත් සමත්වන්නට ඇත.මින් ඉදිරියට ගොස් දුරස්තව ඔබේ පරිගණකය පාලනය කරන්නටත්, තවත් විටක ඔබේ පරිගණකය හරහා තවත් පරිගණක පාලනය කරන්නටත් ඔවුන් සමත් වන්නට ඇත. එක්සත්ජනපද අධිකරනය පසුගියදා අන්තර්ජාලය සම්බන්දිත අතිශය වැදගත් … දිගටම බොට්නෙට් හොරා සහ එක්සත්ජනපද පොලිස් කියවන්න

ඔබේ ජීමේල් පි‍ටුවට ඔබේ සිතැගි ඡායා රූපයක් පසුබිම ලෙස

ඔබේ ජීමේල් පි‍ටුවට ඔබේ සිතැගි පැහැය පමනක් නොව ඔබෙ පිකාසා ගිනුමෙහි රදවා ඇති ඡායා රූපයක් පසුබිම ලෙස යොදා ගැනීම ඇසුරින් වඩාත් සමීප බවක් ලබා ගන්නට හැකියාව දැන් ලබා දී ඇති බවට පුවතක් පල වෙනවා. මේ සදහා පිවිසෙන්නට ඔබට “ඔප්ශන්” ටැබය ඔස්සේ පිවිස “මේල් සෙටින්” තුල “තේම්ස්” කවුලුවේ පහලින්ම ඇති තේරීම ඔස්සේ හැකි වන වා ඇති. දිගටම ඔබේ ජීමේල් පි‍ටුවට ඔබේ සිතැගි ඡායා රූපයක් පසුබිම ලෙස කියවන්න

ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 10 හරහා විස්ටා මෙහෙයුම් පද්දතියට කෙනෙහිලිකම්……

ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 10 හරහා විස්ටා මෙහෙයුම් පද්දතියට කෙනෙහිලිකම් කම් කිරීම ආරම්භ කිරීමට මයික්‍රොසොෆ්ට් ආයතනය තීර්නය කර ඇති බවක් වාර්ථා වෙනවා. ඒ ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 10 සමග වැඩ කිරීමේ හැකියාව විස්ටා භාවිතා කරන්නන්ට ඉඩ නොලැබෙන බවට හා වින් 7 මෙහෙයුම් පද්දතියට පමනක් මෙම අවස්තාව සීමා වන්නට ඉඩ ඇතිවන බවට පවතින ප්‍රවෘතියත් සමගයි. එක්ස්ප්ලොර 9 භාවිතාකිරීමේ හැකියාව විස්ටා හා වින් 7 වලට පමනක් සීමා කරමින් එක්ස් පී මෙහෙයුම් … දිගටම ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 10 හරහා විස්ටා මෙහෙයුම් පද්දතියට කෙනෙහිලිකම්…… කියවන්න