අන්තර්ජාලය මූලිකව …

අන්තර්ජාලය මූලිකව තොරතුරු තාක්ෂණය විසින් පෘතුවිය මත නව රටාවක් බිහිකරන ලදී. කොටසකට මේ නව රටාව ධනවාදයේ දිගුවකි. තවත් කොටසකට මෙය විසල් ලොව ගම්මානයක් දක්වා හකුලවාලීමකි. කෙසේ වෙතත් තව දුරටත් දේශපාලණ, සංස්කෘතික හෝ ආර්ථික භේදයකින් තොරව නව රටාව ලොව මත ශක්තිමත් භාවිතාවක්ව ඇත.   වසර දස දහසක් තිස්සේ මිනිස් වර්ගයා විසින් අත්පත් කරගත් දැනුම ඉලෙක්ට්‍රොනික කරදමමින් විදුලි සැනින් ඔබ මොබ ගමන් කරවීමෙන් පමනක් මේ නව ප්‍රවනතාවය … දිගටම අන්තර්ජාලය මූලිකව … කියවන්න

බුදුදහම..

බුදුදහම පිලිබඳ මගේ අවබෝධය නම්, එය අපව විස්වාශ පද්ධතියකට ඌනනය කරන්නටවත්, භක්තිමය ක්‍රියා පද්ධතියකට ඌනනය කරන්නට වත් උත්සාහ කරනවාට වඩා අපේ භෞතික සිරුරෙන් පිටතට විවර වන දොරවල් පහක් ඔස්සේ සංස්කරනයන් ‍රැස්වන ආකාරය විනිවිඳ දකින්නටටත් ඒ ඔස්සේ ‍රැස්වූ අපමනක් සංස්කාරකයන් ක්‍රමයෙන් ශූන්‍ය කරදමන්නටත් මග කීමයැයි සිතමි.Tharu Minisa Pubudu Siriwansa දිගටම බුදුදහම.. කියවන්න

හෙට මිනිසා ..

මේ විසල් අවකාශය මත සාමය බිඳින්නෝ බොහෝය. ඒවා තාක්ෂණික ස්වභාවයේ සිට නොඳියුනු මිනිස් ස්වභාවය දක්වා විශාල වපසරියක වන බවද සත්‍යයකි. එනමුත් එලබෙන යුගයේ මිනිස් කථාන්දරය වඩ වඩාත් තොරතුරු තාක්ෂණය මත රැඳිමද වඩ වඩාත් විස්වාසනීය වෙමින් ඇත. ඔබේ මනසේ පිටපතක් ඔබගේ සේවා කාර්යාලයේ සර්වරයක් මත යාත්‍රික බව හා මිනිස් බව අතර අවකාශයේ අඩුව සපුරන දවස සියවසක් තරම් ඈත නොවනු ඇත. අඩුම තරමින් එම තනතුරෙහි නාමය ගැනවත් … දිගටම හෙට මිනිසා .. කියවන්න