Tharu Minisa

“මේ විශ්වයේ මා දකින අපූර්වතම සිදුවීම් දෙකකි. මහා අර්ථයෙන් නම් හිරුය. පොඳු නාමයෙන් පවසන්නේ නම් තරුය. ශුද්‍ර අර්ථයෙන් නම් මිනිසාය. ඔහු අපමන අවකාශයක් මැද ඔබ මොබ චලනය වෙමින් සිටී. නෙක අර්ථ ගන්වා ගැනීම් වලින් ආරෝපනය වෙමින් තැන් තැන් වල නතර වෙමින් සිටී. නෙක ආගම්, දර්ශන, විස්වාශ අතර සරණ සොයමින් සිටී.  බැලූ බැල්මට නම් මේ සියලු සෙලවීම් වල මූලය පෙර කී ශක්ති ගොනුය. එනම් තරුය. සමීප අර්ථයෙන් හිරුය. ජීවිතය උත්සවයක් කරගත යුත්තේ එබැවිනි. අනෙකාට විනාශකාරී උත්සවයක් කර නොගත යුත්තේද එබැවිනි.”

“මෙහි පැමිනි මුල් කාලයේ අප අතරින් ගලා යමින් තිබූ කාල යාන්ත්‍රනය කිසිවෙකු විසින් වෙනස් කර ඇද්දැයි සැක සිතෙන තරම්ය. බොහෝ සෙයින් ඈලි මෑලිව නැග බැස ගිය හිරු මෙතරම් ජව සම්පන්න වූවේ කෙසේදැයි මම මගෙන්ම විමසමින් සිටින්නෙමි”(56)”

“මිනිස් විංඥානය සංකීර්නයකි. මේ සංකීර්නය අවිංඥානික භාවමය සංකේථයකට ඌනනය කරනවාද, නැතිනම් සවිංඥානික විශ්ලේෂනයකට ලක් කරනවාද යන්න අපගේ තීරනයකි.”