Tharu Minisa 03

කාර්යාලයේ පිවිසුම් දොර‍ටුව අද්දර වූ දැව අසුනට බර දීමි. “ඔබතුමාගේ පැමිණීම මහත් සතුටක්. මට විනාඩි කිහිපයක් දෙන්න ලොකු ස්වමීන්වහසේ හමුවෙලා එන්න.” කඩිසර ගමනින් යන ගබඩා පාලකතුමාට මා පැමිනි බව ලොකු ස්වමීන්වහසේ වෙතට සැලකරන්න අවශ්‍යව ඇතුවා විය යුතුය. මතක නිවැරදිනම් වසර දහයක් වැනි දිගු කලක් තිස්සේ අප කිහිප විටක්ම හමුව තිබේ. එය අපූරු බැදීමකි. මෙහි වන කිසිවෙකු අතර යැපීම් සිදු නොවේ. එකි නෙකා ප්‍රියකිරීම ඇරබෙන්නේ ඉහල තලකිනි. බර වචනයකින් පවසනවා නම් අධ්‍යාත්මික බැදීම යනු මෙය විය යුතුය.
“හැම තැනකම ඇත්තේ තොරතුරුය. සමහර තොරතුරු වලට ස්වභාවික ලෝකයේ මූලයන් ඇත, සමහර ඒවාට කිසි සේත්ම නැත. මිනිස් සංස්කෘති කථාන්දරය තොරතුරු හඳුනා ගැනීම හා ඒවා නිසි කලමනාකරනයට මිනිස් වර්ගයා ලත් හැකියාවේ දිගු ගමන් මගයි.” වරක් අප විශ්ව විද්‍යාලයට පැමිනි ආරාධිත දේශකතුමකුගේ නිර්වචනය නැවත නැවතත් සිහියට නැගේ .”DNA අනුවක් ‍රැගෙන යන්නෙත් තොරතුරුයි. මාසිකව ඔබ ගනු දෙනු කරන බැංකුවෙන් වාර්ථාවක් එවන්නේ ඔබගේ ගිනුමෙහි සිදුවූ චලනයන්ගේ තොරතුරුයි.” එය අපූරු නිර්වචනයකි. තොරතුරු තාක්ශනය පිලිබඳ විශාරදයෙකු වූ ඔහු අවසානයේ දහම ගැනද සඳහන් කරමින් තම දේශනය අවසන් කරන්නට කටයුතු කලාය. “අන්තිමට දැන් මට අවශ්‍යයි මම නම් තොරතුරු ගොනුව සැහැල්ලු කර ගන්නට. පලමුව වේගයෙන් එහි වන තොරතුරු ‍රැස්වීම අඩපන කරගන්නටත් ගබඩා වී ඇති තොරතුරු හැකි තරම් අඩුකර ගන්නටත්”
කෙමෙන් දැඩිවන හිරු කෙඳි කාර්යාල භූමියේම මදක් දුරින් ඇති විශාල නුගරුකෙහි අතු පතරින් රිංගා යමින් මිහිතලය සිපගන්නා විට මැවෙන්නේ සිත්ගන්නා අපූරු රටාවන්ය. ගබඩා භාරකරුගේ මද පමාව ඔස්සේ මදක් එදෙසට ඇවිද යන්නට සිත පෙලබේ. පෙර කී දේශකයා තොරතුරු තාක්ශනය හා පුද්ගල හා සමාජ යාන්ත්‍රන අතර තිබූ නොහැදූරුනු අවකශය පිලිබදව වඩාත් විනිවිද යන මතවාද කිහිපයක්ම පලනුවෙන් ලොවට හෙලි කල විද්වතෙකු වූවාය. මිනිසා භාෂා අත්පත්කර ගැනීමෙන් පසුව මිනිස් වර්ගයා අත්පත්කර ගත් වඩත්ම තීරනාත්මක හැකියාව තොරතුරු තාක්ශනය බව ඔහුගේ මතය විය. විටක භාෂවටත් වඩා තියුනු ලෙස මිනිස් ජීවිත විනිවිද යමින් එය මිනිස් වර්ගයා වෙතට සේවයක් ගෙනෙනු ඇති බවට අදහස් පල කොට සිටියාය. ” ඔබ ඔබගේ විෂය සීමාව ඉක්මවා යන්නෙකි” දේශයනය අවසානයේ විමසුම් යොමුකරන අවස්ථාවේදී අපගේ විශ්වවිද්‍යාලයේම කනිෂ්ඨ ආචාර්ය වරයෙකු උපහාසාත්මකව ප්‍රශ්න කොට සිටියාය. සරල පාවහන් යුගලක් හා මද අවපැහැගැන්වුනු ඇඳුමකින් සැරසී සිටි එම දේශකයා සුපුරුදු සරල මුත් තියුනු වදන් වැලකින් පිලිතුරු දුන්නාය. “මට ඔබගේ උගත්කම් පිලිබදව වන ඔප්පු තිරප්පු වැනි හිමිකම් වලින් එතරම් තේරුමක් නැහැ. මම නිදහසේ ඇවිද යන්නෙක්. හැබැයි ඔබ මා වැරදි බව පැහැදිලි කරන හැම වාරයක් පාසාම මම ඔබට ගරු කරනවා. මන්ද ඒ හැම වාරයකදීම ජීවත් වන්නට අරමුනු ගෙන එනවා. හැබැයි ඔබතුමාට මම පෙර කීවා සේ දැනුම පිලිබදව ඔප්පු තිරප්පු වල මානය මට අදාල නැහැ. තවත් පැහැදිලි කලහොත් දැනුම හා අවබෝදය පිලිබදව මගේ මානය ඔබගේ මානයන් වලට වඩා වෙනස්. කොටින්ම ඒවා එකි නෙන හමුනොවන තරම් වෙනස්”. ඔහු අපූරු මිනිසෙකි.

Pubudu Siriwansa