Windows 12 පිලිබඳ බලාපොරොත්තුව මෙම වසර මත තබන්නට බොහෝ හදාරන්නන් පොලබී තිබිනි. එහෙත් පසුගියදා Microsoft ආයතනය Windows 11 version 25H2 එනම් Windows 11 වල මීලග සංස්කරනයක් පිලිබඳව නිවේදනය කිරීමත් සමග බොඳව යමින් තිබේ.මෙම වසරේ දෙවන භාගයේදී මෙම නිකුතුව පැමිනීම නිවේදනය වීමත් සමග Microsoft වලින් හදාරන්නන් බලාපොරොත්තුවෙමින් තිබූ වඩාත් AI මත පදනම් වන මීලග මෙහෙයුම් පද්ධතිය පිලිබඳව බලාපොරොත්තුව එලබෙන වසරට තබන්නට සිදුව ඇත.මේ වන විටත් Windows 11 version 25H2 වල පෙර සංස්කරණයක් නිකුත්වී ඇති අතර එහි එතරම් කැපී පෙනෙන නවාංග හෝ දියුනු කිරීම් දක්නට නොලැබෙන අතර windows 10 වලට වන සහය නිල ලෙසට අවසන් වීමට සමාන්තරව මෙම නව සංස්කරණයේ පැමිනීම නිවේදනය වී ඇත.
Pubudu Siriwansa

