Microsoft සමාගමට වන ප්‍රධාන අභියෝගයක් වන්නේ තම නවතම මෙහෙයුම් පද්ධතියට භාවිතා කරන්නන් කැඳවා ගැනීමය. Windows 11 සදහා මෙම මෙහෙයුම වඩාත් අසීරු වූ වේ windows 11 ඉල්ලා සිටි දෘඩාංග මට්ටමේ අවශ්‍යතාවයන් දෙකක් වූ අතර ඒවා පැරණි බොහෝ පරිගණක සමග නොවීමය. කෙසේ වෙතත් මේ වන විට windows 11 විසින් තම නිකුතුවෙන් දෑවසරක් සපිරෙද්දී 400 million භාවිතාවක් ලබමින් සමස්ථයෙන් 52 percent කරා විත් ඇති බවට වාර්ථා වන්නේ windows 10 වල සාපේක්ෂ භාවිතාව 44.59 percent ලෙසට සටහන් වෙද්දීය. Windows 10 තම සේවා කාලය October 14 වන විට අවසන් කරන්නට නියමිත තර ඉන් පසුව ගෙවීමක් යටතේ පමනක් අත්‍යාවශ්‍ය භාවිතාකරන්නන් සදහා ඉදිරියට යාමට සැලසුම් ක්‍ර ඇති බව මේ වන විට Microsoft ආයතනය නිවේදනය කර ඇත.
Pubudu Siriwansa

