ඔබේ මනසේ විවිද තලවලට ඔබට එබී බලන්නට…..

ඔබේ මනසේ විවිද තලවලට ඔබට එබී බලන්නට හැකි වුවහොත් ඔබ පුදුමයට පත්වෙනබව මම හොදින්ම දන්නා දෙයක්. සමහර විට නෙක ඇතුම් පැලදුම් අදිමින් විවිද සංකේත ඒවාට අමුනමින් හා සමාජයෙන් ගරුබුහුමන් විදිමින් සිටින ඔබත්, ඇත්තෙන්ම මේ සියල්ල තුල සැගවී ඇති ඇත්තම ඔබත් අතර කොයිතරම් වෙනසක් ඇතිද?? නැතිනම් මේ සියල්ල ‍රැක ගැනීම සදහා ඔබ දරන වෙහෙස කොපමනද?? ආදීවු සරල කාරනා වලසිට ඔබගේ අභ්‍යන්තරයට පිවිසෙන විට ඔබ සිහිනෙන්වත් නොසිතූ … දිගටම ඔබේ මනසේ විවිද තලවලට ඔබට එබී බලන්නට….. කියවන්න

පරිසරය හා බැදුනු විටින්විට වෙනස් වන තවත් යමක් ඇතිබව

මේ දිනවල දහවල් ආහාර වේලෙන් පසුව අපට අවසර ලැබෙනවා කඳුයාය අතර විහිදී ඇති අතුරුමාවතක් දිගේ දිනකට පැය දෙක තුනක් ඇවිදයන්නට.ආශ්‍රමය පිහිටි කදුමුදුනතින් අනෙක් දෙසටවන්නට පිහිටි විශාල ගංගාව හා සමාන්තරව විහිදුනු අඩිපාරක් මම බොහෝ විට තොරාගන්නවා.ඉදහිටක හමුවන ගැමියෙකු හැරුනු විට විටක තදින් පැතිරුනු තුරු ගොමුත් තවත් විටක එලිමහන් පරිසරයත් ආදී නෙක වටපිටාව මනසට නැවුම් ප්‍රබෝදයක් කැන්දනවා.ෆෙං ශුයි දහම ගැන මට විශල අවබෝදයක් ලබා ගන්නට මේ පරිසරයේ … දිගටම පරිසරය හා බැදුනු විටින්විට වෙනස් වන තවත් යමක් ඇතිබව කියවන්න

විද්‍යාව පිලිබද මහා දැනුමැති අය පවා මෙම දැනුම ඉදිරියේ අසරන වන අයුරු පෙනුනා

ආශ්‍රමය තුල බොහෝ දැනුමක් අපවෙත පැමිනුවත් බොහෝ විට එම දැනුම කොටස් කිරීම නොහොත් විෂය නාමයන් යටතේ කොටස් කලේ නැහැ. හරියට යම් වැඩපිලිවලකදී වෙළදනාම මග හරිනවා වගේ. ෆෙං ශූයි, තයිචි වැනි බොහෝ විශය රටාවන් යටතේ එන අපමන දැනුමක් අවබොදයක් අපවෙත ලබාදුන්නා.කාලයත් සමග මේ විවිද විශයන් නමුත් එකම මූලාශ්‍රයකින් පැන නගින හැටි අපට මනාව වැටහෙන්නට පටන් ගත්තා.සමහර විට රසායිනික හා භෞතික විද්‍යාව පිලිබද මහා දැනුමැති අය පවා … දිගටම විද්‍යාව පිලිබද මහා දැනුමැති අය පවා මෙම දැනුම ඉදිරියේ අසරන වන අයුරු පෙනුනා කියවන්න

සිතතුල තෙරපාගෙන සිටි හැගීම් සිතුවිලි සමුදායක්ම එලියට දමනු ලැබුවා

පසුගිය දිනක වසරක් පමන අපසමග මෙහි ගතකල තායි ජාතික ස්වාමීන් වහන්සේ නමක් ආශ්‍රමයෙන් සමුගෙන ආපසු යන්නට තීර්නය කලා. එතුමන් අවසාන දින සවස පවත්වන ලද සමාලෝචන ‍රැස්වීමේදී අපූරු ආත්ම විග්‍රහයක් කරනු ලැබුවා. තමන් කුඩාකලම මහන දිවියට පිවිසි බවත් අවසානයේ ලොකුස්වාමීන් වහන්සේ තමන්වෙත නායකකම නොලැබීම පිලිබදවු අසහනකාරී සිතුවිලි සමුදාය දියවැඩීයාව ඇතුලු රෝග කිහිපයකටම මග පෑදූ බවත්, තමන් ඉන් අපමන දුක් වින්දත් තමන්ගේ සිත තුල වු ලොකුස්වාමීන් වහන්සේ … දිගටම සිතතුල තෙරපාගෙන සිටි හැගීම් සිතුවිලි සමුදායක්ම එලියට දමනු ලැබුවා කියවන්න

නිරාමිස සතුටක් කියන්නේ මේ වගේ….

කලකට පසුව ආශ්‍රමයේ මුදුනත විශාල ගල්තලාවටවී අපූරු හැන්දැවක රසය විදින්නට අවස්තාවක් උදා උනා.ඇස්මානෙට විහිදුනු කදුවැටි අතරින් සැදෑ හිරු‍රැස් කෙදි  ගලාන එන දසුන සිතතුල ඇති කරන්නේ හරිම සෞම්‍ය හැගීමක්. නිරාමිස සතුටක් කියන්නේ මේ වගේ අත්දැකීමකටදැයි මම මගෙන්ම විමසුවා. දිගටම නිරාමිස සතුටක් කියන්නේ මේ වගේ…. කියවන්න

“කරුනාකර ඔබ ආමාරුවෙන් නඩත්තුකරමින් සිටින සමාජීය ප්‍රතිරුපය ඔබේ වම් පස ඇති රාක්කය මත තබා ඇතුලුවෙන්න.”

ඉතාමත් කලාතුරකදී හැරෙන්නට, ආශ්‍රමය වෙත පැමිනෙන ධනවත් ව්‍යාපාරිකයන් හා විටක මහාචාර්යවරුන් පවා ආශ්‍රමයට ඇතුවන දොර‍ටුවේ ඉහලින් සවිකරතිබු පැරනි හා අමාරුවෙන් කියවියයුතු පාඨය කියවා තේරුම්ගෙන තිබුනා. “කරුනාකර ඔබ ආමාරුවෙන් නඩත්තුකරමින් සිටින සමාජීය ප්‍රතිරුපය ඔබේ වම් පස ඇති රාක්කය මත තබා ඇතුලුවෙන්න.” දිගටම “කරුනාකර ඔබ ආමාරුවෙන් නඩත්තුකරමින් සිටින සමාජීය ප්‍රතිරුපය ඔබේ වම් පස ඇති රාක්කය මත තබා ඇතුලුවෙන්න.” කියවන්න

මනස නැති මෙහෙනින් වහන්සේ නමක් දරුනු ලෙස මෙහි ක්‍රියා පිලිවෙත හෙලාදකින්නට පටන්ගත්තා

කලාතුරකින් ආශ්‍රමයට චෝදනා නොනැනගෙනවාම නොවෙයි. මෙහි පවත්වාගෙන යන සරල සැබෑ දහම වැටහෙන්නට එක්තරා මට්ටමක මානසික ස්වභාවයක් අත්‍යාවශ්‍යමයි. අන් අයට මෙය වැටහෙන්නේ මහා හිස් අවකාශයක්ලෙස උවත් තවත් අයකුට වෛරය උපදවන සුලුවන්නට ඉඩ නැතුවාම නොවෙයි.කලකට ඉහතදී තායිලන්ත්යේ ආරාමයක විසූ කට රුව ඇති නමුත් මනස නැති මෙහෙනින් වහන්සේ නමක් දරුනු ලෙස මෙහි ක්‍රියා පිලිවෙත හෙලාදකින්නට පටන්ගත්තා. බයිබලය තුල බුදු දහම සොයන ස්වභාවයක් ඇති විකෘති දහමක් පතුරවමින් ඇය කාලන්තරයක් … දිගටම මනස නැති මෙහෙනින් වහන්සේ නමක් දරුනු ලෙස මෙහි ක්‍රියා පිලිවෙත හෙලාදකින්නට පටන්ගත්තා කියවන්න

සිරුරේ රිද්මය ඔබේ නිරෝගී කමේ රිද්මය කරා නැවත සුසර කරන එක …..

දරුනු ගනයේ මාරන්තික අපහසුතා සමග ආශ්‍රමයට පැමිනි අය වසරක දෙකක කාලයක් මෙහිගතකර ඉතා නිරෝගී අය ලෙස පිටව යන ආකාරය ආශ්‍රමයේ අයට හෝ අවට ගම් වාසීන්ටනම් පුදුමයක් උනේ නැහැ.මින් පෙරත් මා මේ ගැන සටහනක් තබන්නට කල්පනා කලද ඔබවැනි අතිශය දියුනු සංස්කෘතියක (ඔබ සිතන ආකාරයට) පහස ලබන අයට කියන්නට තරම් බරපතල වට්ටෝරු විශ්ලේශනගත ක්‍රමේදයක් එහි නොතිබුනිසා , එම වෙනස පසුපසසුවු ක්‍රමවෙදය විහිලුවක් වනු ඇතයි සිතුනා.සරලව කිව්වොත් ඔබේ … දිගටම සිරුරේ රිද්මය ඔබේ නිරෝගී කමේ රිද්මය කරා නැවත සුසර කරන එක ….. කියවන්න

වෙනස්ම අර්තයක් සිත්තුල මවන්නට ඒ චිත්‍ර සමත් වූ හැටි ……..

සෙන් දහමතුල ආගමික සංකල්ප වලට වැඩි නිදහස් අර්තමය ඉඩක් අත්කර දෙමින් වචනවල දරදඩු සීමා ඉවත්කරන්නට හැකිවෙලා තිබෙනවා. මගේ සිතතුල ඒ අපූරු සංකල්ප පවතින්නේ අපූරු නිදහසක් ඇති සුන්දර කඳු මුදුන් වගේ. වරක් අපේ විශ්වවිද්‍යාලයට පැමින කිසිදාක අමතක නොවන අපූරු සිතුවම් දැක්මක් ඉදිරිපත්කල අප්‍රකට ජර්මානු චිත්‍ර ශිල්පියාගේ සිතුවම් වගේ. ඒ සිතුවම් වලට මාතෘකාවක් ලබදී තිබුනේ නැහැ. නිර්මානකරුගේ අත්සන යොදා තිබුනෙත් නැහැ. ඉවතට ගත් දෙනෙත් නැවත ඒ චිත්‍රයක් … දිගටම වෙනස්ම අර්තයක් සිත්තුල මවන්නට ඒ චිත්‍ර සමත් වූ හැටි …….. කියවන්න