නමුත් නිරෝගී සමාධි මනස ‍රැක ගන්නටනම් ……

මා ආශ්‍රමයට පැමිනි මුල්ම යුගයේ ඇසූ නමුත් අදටත් පැහැදිලිව තේරුම් ගත නොහැකි , ලොකු ස්වාමීන් වහන්සේ නිතර වදාරන වචන පෙලක් තමයි,”ඔබ දක්ශ නිසා ඔනෑම කලබල වටපිටාවකදී උනත් සමාධී මනසට පිවිසෙන්නට පුලුවන් වේවි,නමුත් නිරෝගී සමාධි මනස ‍රැක ගන්නටනම් සරල වටපිටාවක් ලබන්නට ඔබ වාසනාවන්ත විය යුතුමයි.” දිගටම නමුත් නිරෝගී සමාධි මනස ‍රැක ගන්නටනම් …… කියවන්න

කදුපන්තියේ දකුනු දෙසට වන්නට කදුමුදුනත් දිගේ දිවෙන අතුරුමාවතක් ඔස්සේ……

වසර ගනනාවකට වරක් ආශ්‍රමයේ නෙවාසිකයන්ට ලැබෙන අපූරු අපූරු අත්දැකීමකට සහභාගීවන්නට අවස්තාවක් ලැබුනා. ඒ තමයි ප්‍රධාන ස්වාමීන්වහන්සේ අතුලු ස්වමීන් වහන්සේලා පිරිසක් සමග හොද කායික තත්වයක් ඇති නිදහස් අය හා පහල ග්‍රාමයේ වෙසෙන ආශ්‍රමය හා දැඩි සබදතාවයක් ඇති කිහිප දෙනෙකු සහභාගීවන දීර්ග චාරිකාව. කදුපන්තියේ දකුනු දෙසට වන්නට කදුමුදුනත් දිගේ දිවෙන අතුරුමාවතක් ඔස්සේ දින තුනක හෝ හතරක පාගමනකින් ගොස් මෙම ආශ්‍රමයේ කාලයක් වැඩ සිට මීටවසර විසිගනනකට පෙර තම … දිගටම කදුපන්තියේ දකුනු දෙසට වන්නට කදුමුදුනත් දිගේ දිවෙන අතුරුමාවතක් ඔස්සේ…… කියවන්න

සමහරුන් ආශ්‍රමයට එන්නේ භාවනාවේ සියලු මාර්ග විස්තර අතැතිවයි

සමහරුන් ආශ්‍රමයට එන්නේ භාවනාවේ සියලු මාර්ග විස්තර අතැතිවයි.පියවරෙන් පියවර සියල්ල නම් කර ඇති අතර ඒ ඒ පියවරවල් වලදී හමුවන වටපිටාවල් වල විස්තර පවා ඔවුන් සතුය. කවදාවත්ම තමා අත්නොවිදි නමුත් පොත් පත්වලින් හා කටවචනයෙන් අසාගෙන ඇති මාර්ග විස්තර සොයමින් කලක් ඔබ මොබ ඇවිදියි. බැරිතැන පොතක් ලියා හෝ දේශනතබා අනෙකට කියමින් සතු‍ටු වෙයි. ඒවා අසන කියවන අනෙකාද ඒ සේම කරයි. දිගටම සමහරුන් ආශ්‍රමයට එන්නේ භාවනාවේ සියලු මාර්ග විස්තර අතැතිවයි කියවන්න

පිටතින් එන නීතී රීති වල පොඩි පමාව පවා එතුමාව නොසන්සුන් කලා.

අප සමග කාලයක් ආශ්‍රමයේ ගත්කල ජර්මන් මහත්මයෙකුට හැමවෙලේම උවමනා උනේ පුදුමාකාර විදිහට පැහැදිලි කමක්. හුස්මපොද හරියටම ගැටෙන තැන, අහුම් කන් දිය යුත්තේ කොතැනින් නැගෙන ජල රල හඬටද? වගෙ දේවල්. එතුමා කල්පනා කලේ අප සිහිය පිහිටවන තැන මත තමා සියල්ල තියෙන්නේ පොඩ්ඩක් එතැන එහෙ මෙහෙ උනුත් සියල්ල ඉවරයි කියලා.නිදහස්, සැහැල්ලු මනස එතුමාට කරදරයක් උනා. පිටතින් එන නීතී රීති වල පොඩි පමාව පවා එතුමාව නොසන්සුන් කලා. දිගටම පිටතින් එන නීතී රීති වල පොඩි පමාව පවා එතුමාව නොසන්සුන් කලා. කියවන්න

බාදකවල ගැටිමින් අපට අපූරු භාවනා උපකරනයක් සකස් කර දුන්නා

අශ්‍රම භූමියේ මැදින් ගලා ගිය පුංචි දිය පහරක් තිබුනා. කදු  මුදුනත සිට පහලට එනවිට හමුවන කුඩා කුඩා තැනිතලා පෙදෙසේදී අර දිය පහරෙහි වේගය මදක් අඩුවී නමුත් ගල්පර බාදකවල ගැටිමින් අපට අපූරු භාවනා උපකරනයක් සකස් කර දුන්නා.විශේෂයෙන් මුල් වසර තුලදී අසලවු විශාල ගල් පරයක සිට මේ දිය පහරේ හඬට සිත යොමුකිරීම කලබලකාරී මනසට ඔසුවක් උනා. දිගටම බාදකවල ගැටිමින් අපට අපූරු භාවනා උපකරනයක් සකස් කර දුන්නා කියවන්න

වෙනසකට ඇත්තේ අනිත් හැම චාරිකාවකදීම ඔබ මතක සැමරුම් වල සිට බොහෝදේ ‍රැස් කර ගැනීමයි…….

මනස සමාධිය කරා ගෙනියන විට ඔබ පසුකරන්නේ ඔබේ අතීතයයි. එයට එරෙහිවීම ඔබ ඔබට එරෙහිවීමයි. එයට එකගවීම ඔබ නැවත ආපසු පැමිනීමයි.ඇලීම් ගැටීම් වලින් තොරව ඉදිරියට යාම සූන්දර චාරිකාවක ඇරබුමයි. වෙනසකට ඇත්තේ අනිත් හැම චාරිකාවකදීම ඔබ මතක සැමරුම් වල සිට බොහෝදේ ‍රැස් කර ගැනීමයි……. දිගටම වෙනසකට ඇත්තේ අනිත් හැම චාරිකාවකදීම ඔබ මතක සැමරුම් වල සිට බොහෝදේ ‍රැස් කර ගැනීමයි……. කියවන්න

“ඔබේ මනසට බුද්ධ දර්මය හොදටෝම සරල වැඩියි. ඒ නිසාම ඔබට බුදුදහම මග ඇරෙන ගතියක් මම දකිනවා “

වරක් ආශ්‍රමයට ඇමරිකානු මහාචාර්ය වරයෙක් පැමිනියා. සොයාගැනීම් කිහිපයක් නිසා එතුමා විද්වතුන් අතරත් ගෞරවයට පාත්‍ර වුන කෙනෙක්. එතුමා පැමිනියේ දින හතක පමන කෙටිකාලයක නවාතැන් ගැනිමටයි.එතුමා බොහෝ විට දවසේ සමාලෝචන ‍රැස්වීමට පැමින හරිම ගැබුරු රසායනික සංයුතීන් ගැන භෞතික විද්‍යාත්මක නියමයන් ආදිය යොදාගනිමින් විශාල තර්ක විතර්ක යොදමින් බරපතල කතා පැවැත්තුවා. දවසක් තමාගේ දීර්ග පැහැදිලි කිරීමකින් අනතුරුව ඔහු ඇසුවා ,ස්වාමීන්වහන්ස මගේ බුද්ධදර්මය ගැන ඇති දැනීම ගැන ඔබවහන්සේ මොකද කියන්නේ … දිගටම “ඔබේ මනසට බුද්ධ දර්මය හොදටෝම සරල වැඩියි. ඒ නිසාම ඔබට බුදුදහම මග ඇරෙන ගතියක් මම දකිනවා “ කියවන්න

ලොකයේ පවතින සරලම ඇත්ත අපට පෙන්වාදුන්නු කෙනාලු බුදුරජානන් වහන්සේ

නායක ස්වාමීන් වහන්සේට අනූව ලොකයේ පවතින සරලම ඇත්ත අපට පෙන්වාදුන්නු කෙනාලු බුදුරජානන් වහන්සේ. කෙනෙකුගේ සිතේ මීලගට ඇතිවිය හැකි ගැටලුව තමා ඔයතරම් සරල නම් තේරුම් ගන්න මේතරම් අමාරු ඇයි කියන එක. උන්වහන්සේ කියන්නේ “ඔබේ මනසේ ස්වභාවය අර සරල සත්‍යයට වඩා දහස් සමහරවිට දස දහස් ගුනයකින් සංකීර්නයි. ඉතින් කොහොමද අරවගේ සරල දෙයක් තේරුම් ගන්නේ? ඕබට එය අසුනොවන්නේ ඔබ එය හසුකරගැනීමට එලන දැල සංකීර්න වැඩි නිසා.” කරුනා කර … දිගටම ලොකයේ පවතින සරලම ඇත්ත අපට පෙන්වාදුන්නු කෙනාලු බුදුරජානන් වහන්සේ කියවන්න

උන්වහන්සේ සියල්ලන්ටම ගෞරවකලා

නායක ස්වාමීන් වහන්සේ හා සමවයස් හා සමදැනුමැති ස්වාමීන්වහන්සේලා අඩුතරමින් දොලොස් නමක්වත් මෙහි වැඩසිටියා.මව වැටහුනු ආකාරයට අර ස්වාමීන් වහන්සේ නායකත්වය දැරීම පිලිබදව සමහරවිට ඔවුන්ගේ අනුකම්පාවට ලක්වුනා. තමන් මෙන් තමන්ගේ පාඩුවේ නොසිට අපවෙනුවෙන් වගකීමක් දරන්නට ඉදිරිපත් වීම ගැන විය යුතුයි. නායක ස්වාමීන් වහන්සේ තම කුසගින්න ගැන අවදානය යොමුකලේ කලතුරකින් හෝ මෙහි පිලිසකර කටයුත්තකට සහය වීමට එන ගම් වැසියකුවූවානම් ඔහුගේද කුසගිනි නිවන්නට කටයුතු යෙදීමෙන් පසුවයි. අනිත් අතින් සමාලෝචන … දිගටම උන්වහන්සේ සියල්ලන්ටම ගෞරවකලා කියවන්න

ආශ්‍රමය තුල කවදාවත් නිවන අරහත් රහත් නැතිනම් මාර්ගඵල වගේ වචන

ආශ්‍රමය තුල කවදාවත් නිවන අරහත් රහත් නැතිනම් මාර්ගඵල වගේ වචන භාවිතාවෙනවා මම කවරමදාවත් අහලා නැහැ. “තුනීවන මමත්වය ” වගේ සරල පැහැදිලි වචන තමා භාවිතා වුනේ.කොටින්ම කිව්වොත් පිටින් එන ආකෘතියක් නැතිනම් වචනයකින් හදුන්වන තත්වයක් තමා තුල සොයනවට වඩා නිදහසේ වැඩෙන සමාධිසිත සරලව පැහැදිලිකලා. අනෙකාගේ අධ්‍යත්මික ස්වභාවය මගේ පුරුදු පුහුනුකරගෙන යන අධ්‍යාත්මික ස්වභාවයට අනූව තේරුම් ගත්තා මිසක පිටතින් එන පිලිවලක ස්ථානගත කරන්නට උත්සාහා කලේ නැහැ. දිගටම ආශ්‍රමය තුල කවදාවත් නිවන අරහත් රහත් නැතිනම් මාර්ගඵල වගේ වචන කියවන්න